මිගමු පොලිසිය ගන්නේ කුඩ්ඩන්ගේ පැත්තද?

0
361

මිගමුව වැල්ලිවිදිය ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කුඩු ජාවාරමක් නිසා එහි වෙසෙන ගම්වාසින් ඉමහත් පිඩාවකට පත්ව සිටිති.

මෙම කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක ගම්වාසින්ට මේ කුඩ්ඩන් විසින් පසුගිය දිනවල ගල් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබේ.

මේ ගැන ගම්වාසින් මිගමුව පොලිසියටද පැමිණිලි කර ඇත.

තතුඑසේ තිබියදි අද රාත්‍රියේ මේ ගල්ගසන කුඩ්ඩෙකු අල්ලා ගැනිමට ගම්වාසින්ට හැකිව තිබුනි.මේ ගැන පොලිසියටද පැමිනිලි කරන්නට කාන්තාවන් 4 දෙනෙකු පොලීසියට ගොස් ඇති අතර ඒම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණිලි කරන්නට ගිය කාන්තාවක්ද ජීප් රථයට නංවාගෙන ගම්මානයට පැමිණ තිබේ. අනෙක් කාන්තාවන් තිදෙනා පැමිණිල්ල දමමින් සිට ඇත.

ඒ් අතරවාර‌ෙය්දී සා.සෙබස්තියන් ගම්මානයට පැමිනි පොලීසිය තමන්ට පහරදුුුන් බවත් , කාන්තාවන්ට පහරදි, තිත්ත කුණුහරුපයෙන් කාන්තාවන්ට බැනවැදුන බවද ගම්වාසින් පවසා සිටියි. පොලීසිය ඒම ස්ථානයට යන විට සියලූම දෙනා පාරට පැමිණ ,රැස්ව සිට ඇති අතර ගල්ගසන පුද්ගලයා පැනගෝස් කුඩු ඡාවාරම්කරන නිවසේම සැගවගත් නිසා ගම්වාසීන්ට කිසිවක් කරගැනිමට නොහැකිව පොලීසිය ඒනතෙක් රැදී සිට ඇත. මෙම අවස්ථාවේදී ඒම ස්ථානයට පැමීනි මීගමුව පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් , ගම්වාසීන්ට බැනවැදී ඇත්තේ බොරුවට අපිට කරදර කරනවා, අපේ කාලේ නාස්ති කරනවා යැයි කියමිනි. ඒසේ කියමින් ජනතාවට පහරදි ඇති අතර, පොලීස් නිලධාරීන් බීමතින් සිටි බවද පහර කෑ කාන්තාවන් පවසයි.ඒමෙන්ම පොලිස් නිලධාරින් තමන්ට ‘වේසියෝ ‘ යනුවෙන් පවසා බැණවැදී පහරදුන බවද ඔවුන් පවසයි.

මෙම සිදුවීමේදී මාසයක්ම පුරා ගම්වාසීන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගෙන් ද බැටකන අතර, පොලීසියෙන්ද පහරකෑමට සිදුව ඇති බව කාන්තාවෝ පවසයි.

ඉන් අනතුරුව ඔවුන් ගම්වාසීන්ගේ සහයෝගය පතා වැල්ලවිදිය දෙව්මැදුර භුමියට පල්ලියේ සිනුව නාද කර ඇත.පසුව පියතුමා සහ ජනතාව නැවතත් ඒම ස්ථානයට පැමිණි ා