මිගමු මහනගර සභාවේ ටෙන්ඩර් ප්‍රේමය ?

0
81

beach-prk-1මීගමුව මහනගර සභාව තුල මේ දිනවල ක්‍රියාත්මක ටෙන්ඩර් ප්‍රේමයක් ගැන කසුකුසුවක් පවති. සෑම වසරකම අගභාගයේ එලියට එන මේ ප්‍රේම දපනේ වැටෙන මන්ත්‍රින් ගණන දැන් දිනෙන් දින වැඩිවෙමින් තිබේන බවද දැනගන්නට තිබේ.
පසුගිය වසරේදි මේ වෙනුවෙන් හාදවෙලා යමන් පනේ යැයි කියමින් පාසිකුඩා දක්වාම මේ ප්‍රේමය ගොස් තිබුණි.
පුතාලා සැබැවින්ම දේශපාලනය කරන්නේ සිය පියාණන්ගේ වාර්ෂික අදායම කෝටි ප්‍රකෝටි ගණනක් කරනු ලබන ටෙන්ඩරයක් වෙනුවෙනි.
ඒ අන් කිසිවක් නොව මිගමුවේ වෙරළ උද්‍යානයයි.MC-2-e1530758211220
නගරාධිපතිධුරය ලබාගැනිමට අත්ඔසවා සහය පළකළ අය දැන් ඒ සහය කොයි මොහොතේ අත්හරිවිද යන්න ගැටළු සහගතය.
මේ නිසා එළඹෙන ටෙන්ඩර් සමය තුල වෙරළ උද්‍යානය සිය පියාටම ලබාදිම වෙනුවෙන් මේ ටෙන්ඩර් ප්‍රේමය එජාප මන්ත්‍රිවරුන් දපනේ දාගෙන සිටි.
ජනතාවට වගකියනවා යැයි ඡන්දය ඉල්ලා බලයට පැමිණි මේ මන්ත්‍රිලා බහුතරක් දැන් ටෙන්ඩර් ප්‍රේමය නිසා ගිණි කන වැටි සිටිති.