මිගමු මහනගර සභාවේ දැවැන්ත මුල්‍ය අර්බුදයක් ඇති බව නගරාධිපති ප්‍රසිද්ධියේ පිළිගනියි ?

0
81

NGB MCමිගමු මහනගර සභාව මුහුණ  දි ඇති මුල්‍ය අර්බුදය හමුවේ ජනතා සහන රැසක් කප්පාදු කර ඇති බව ඊයේ පැවැති මහසභා රැස්විමේදි නගරාධිපති දයාන් ලංසා කියා ඇත.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
සිය පාලනය කාලය තුල පැවති අසාර්ථක මුදල් පාලනය ඊට හේතුව බව නොවේද ?
පළාත් පාලන නිතියට පටහැනිව යමින් ලක්ෂ 36 ක් වැය කර ප්ලාස්ටික පුටු දේශපාලන ප්‍රචාරක වැඩ වෙනුවෙන් මිළට ගැනිම ?
කොරෝනා වලින් අසරණ වු ජනයාගේ දුකට මුවාවි මැතිවරණ ප්‍රචාරක අවියක් ලෙසින් වියළි සහන මලු බෙදිමට මහජන බදු මුදල් ලක්ෂ 80 ක් වැය කිරිම ?
පසුගිය මාස 3 තුල පමණක් සිදුකරන්නට යෙදුන මැතිවරණ දේශපාලන ප්‍රචාරයන් අරමුණු කරගත් ඉහත වැය කිරිම් හරහා කියැවෙන්නේ නගරාධිපති ඒකාධිපති අදුරදර්ශි මුල්‍ය පාලනයත්, සහ අදාල තනතුරු භාරව සිටින රාජ්‍ය නිළධාරින්ගේ කොන්ද පණනැති කමත්ය.
කෙසේ වෙතත් මේ සියල්ල නිසා දැන් බැටකන්නට සිදුව ඇත්තේ මිගමුවේ බදු ගෙවන ජනයා හටය.
මරණාධාර ඇතුළු මහජන සේවා රැසක් දැන් කප්පාදු කර ඇත.
සේවකයන්ට හිග අතිකාල මුදල් ගෙවිම පවා පැහැර හැර ඇත.
එය සැබැවින්ම එකි සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමකි.මන්ද ඒ වෙනුවෙන් අතිකාල සේවා ඔවුන් විසින් දැනටමත් සිදුකර තිබෙන බැවිනි.
මේ කිසිදු ප්‍රශ්ණයක් ගැන පෙරළා විමසන්නට කොන්ද පණ ඇති විපක්ෂයක් මිගමුට නැත..