මිගමු මුලස්ථාන පොලිස් පරික්ෂකගේ ක්‍රියාකලාපය අධිකරණය හමුවේ විචේචනයට ලක්වේ ?

0
313

vudlerමීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක පෙඩ්රික් වුඩ්ලර් මේ දිනවල දැඩිලෙස විවේචනයට ලක්ව සිටින පොලිස් නිළධාරියා බවට පත්ව තිබේ.විශේෂයෙන්ම අධිකරණය හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් විසින් කරන්නට යෙදුන කරුණු සහිත ඒ ප්‍රබල විවේචනය වුඩ්ලර් හට සිය වෘත්තිය ඉදිරි ගමනට අදාලව දැවැන්ත කලු පැල්ලමක් ලකුණු කොට හමාරය.
ඒ ඔහු විසින් සම්පායෝට අදාලව ගෙන ඇති වෘත්තිය සදාචාරයටද පටහැනි පක්ෂග්‍රාහි ක්‍රියාමාර්ග රැසක් ගැන අධිකරණය හමුවේ හෙළිරව් කරමින් දිලිප පිරිස් මහතා කියා සිටියේ මුලස්ථාන පොලිස් පරික්ෂක වරයා ගැන පොලිස්පතිගේ අවධානය යොමු කළ යුතු බවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක පෙඩ්රික් වුඩ්ලර් මහතාට එරෙහිව මතුකරන ප්‍රශ්ණ

සම්පායෝ භාරවුනාද ? අත්අඩංගුවට පත්වුනාද ?

Screenshot from 2020-08-05 10-30-43

ඇත්ත කියන්නේ සම්පායෝද ? මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර්ද ?

Screenshot from 2020-08-05 10-31-02

සම්පායෝට මිගමුව පොලිසිය ගෙදර වගේ සැලකිලි ලබාදුන් මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාට බරපතල විවේචනයක්

Screenshot from 2020-08-05 10-36-01

දින 11 වරෙන්තුවට ඉදිරිපත් නොවි කට්ටි පැන්න සම්පායෝව රැගෙන ගිය රථයේ රියදුරාගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගත්තේ මන්ද ?

Screenshot from 2020-08-05 10-31-26මේ සියලු විවේචන තුලින් මතුව ඇත්තේ මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා රාජකාරි නිතියේ ඉරට උඩින් පැන කටයුතු කර ඇති ආකාරයයි.
මිට පෙර සුනඛ සුරතලෙකු විශ්‍රාමික පොලිස් ලොක්කෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවිමේදි මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාගේ ක්‍රියාකලාපය බරපතල විවේචනයකට ලක්විය..
මේ සියල්ල ඔහුගේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විමේ සිහිනයට පරාවලල්ලක් බවට දැන් පත්වෙමින් තිබේ.