මිගමුව දූව මුහුදේ ඊයේ පාවුන මිනිය විදේශිකයෙකුගේ ?

0
169

මිනිය 2ඊයේ සවස් වරුවේ මිගමුව දූව මුහුදු ප්‍රදේශයේ මිනියක් පාවෙමින් ඇති බව ප්‍රදේශවාසින් විසින් මිගමුවේ පොලිසියට දැනුම් දි තිබුනි. ඊට සුළු වෙලාවකට පසුව එහි පැමිණ තිබුණ පොලිස් වාහනයක් මිනිය පාවෙමින් ඇති බව නිරික්ෂණය කර තිබුන අතර දැනට මිනිය පාවෙමින් ඇත්තේ දුන්ගාල්පිටිය පොලිසියට අයත් මුහුදු තිරයේ බව කියමින් යන්නට ගිය බව ප්‍රදේශවාසිහු පවසා සිටිති.
පසුව දුන්ගාල්පිටිය පොලිසියෙන් මේ ගැන විමසුවිට ඒ මිනිය මිගමුව දෙසට පාවෙමින් තිබුන බව කියා ඇත.
කෙසේ වෙතත් අද මිගමුව පොලිසියෙන් කළ විමසුමකදි දැනගන්නට ලැබුනේ එය දූව ප්‍රදේශයට ගොඩගසා තිබුණ බවත් එසේ මිය ගොස් ඇත්තේ විදේශිකයෙකු බවත් මේ වන විට මිගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවත්ය.
ඡායා- පියපේම මානික්කරත්න