මිගමුව මූලික රෝහලේ බෙහෙත් දීමේ අංශය ක්‍රමවත් අතට හැරේ.

0
70

පසුගිය  කාලය තුළ  මීගමුව  රෝහලේ  රෝගීන්  සදහා  බෙහෙත්   ලබාදෙන  අංශය  පිළිබඳව  ජනතාව  අතර  තිබුනේ  ඉමහත්  කළකිරීමකි. එයට  හේතුව  වූයේ   බෙහෙත්  ලබාදෙන  කවුළු  ක්‍රියාත්මක  වූයේ  එකක්  හෝ  දෙකක්  පමණි.  නමුත්  මේවනවිට පසුගිය  දින  කිහිපය  තුළ  ඇතිවූ  වෙනස  නිසා  රෝගීන්ගෙන්  මේ  සම්බන්ධව  යහපත්  ප්‍රතිචාර  ලැබෙමින්  පවතී. අප  මේ  පිළිබඳව  පසුගිය  කාලයේ  වගකීම්  දරා සිටි  රෝහල්  අධ්‍යක්ෂක  තුමා  ගෙන්  සහ  අනෙකුත්  නිලධාරීන්  ගෙන්  විමසූ  අතර  ඔවුන්  ප්‍රකාශකළේ   ප්‍රමාණවත්  ඖෂධ  වේදීන්  නැති  නිසා  මෙය  විසඳීම  අසීරු  වී  ඇති  බවයි.

OLYMPUS DIGITAL CAMERA

නමුත්  නව  රෝහල්  අධ්‍යක්ෂක  සහ එම   කාර්්‍ය මණ්ඩලය  විසින්  මේ  ගැන  අවධානය  දී  කවුළු   පහෙන්  හතරකම  ඖෂධවේදීන්  ගේ  අඩුව  පුරවා  ප්‍රශ්ණය  විසඳා  ගැනීමට  සමත්වී  ඇත.  මේ  අනුව  රෝහලෙන්  බෙහෙත්  ලබාගැනීමට  නියමිතවූ  රෝගීන්ට  ඉක්මනින් ම  තම  නිවෙස්  කරා  යාමේ  හැකියාව  ලැබී  ඇත.  මීට  පෙර අත්දැකීම  වූයේ  ඉතා  දුර  බැහැර   සිට  රෝහලට  පැමිණෙන  රෝගීන්  පාන්දරම  රෝහලට  පැමිණියත්,  නිවෙස්  වලට  යනවිට    රෑ  බෝවී  තිබුනු  බව  ඔවුන්  අපට  පවසා  ඇත.දැනට  ක්‍රියාත්මක  වන  තත්වය  ගැන   දැන  ගැනීම  උදෙසා  අප   නව  රෝහල්  අධ්‍යක්ෂක  වරයා  වූ  චන්ද්‍රගුප්ත  රණසිංහ  මහතා  දුරකථනයෙන්  සම්බන්ධ  කර  ගතිමු.මේ  ගැන  අදහස්  දැක්වූ   ඔහු  මෙය  බරපතල  ගැටළුවක්  ලෙස  තිබුනු  බවත්,  මෙම  ස්ථානයට  තමන්   පුද්ගලිකවම  මැදිහත්වී  අවශ්‍ය  කටයුතු  මෙහෙයවන  බවත්  , ඒ සඳහා  තමන්  පමණක්  නොව  වගකිවයුතු  අනෙක්  අය  සමඟද  සාකච්ඡා  කරමින්  ප්‍රශ්ණය  85%කින්  පමණ  විසඳා  ගැනීමට  හැකිවූ  බවත්  පැවසීය.

එසේම   මෙම  ප්‍රශ්ණය  ගැන  ඔහු  විසින්  කරනලද  ඉල්ලීමට  අනුව  ඖෂධවේදීන්  හතරදෙනෙකු  ලබාගැනීමටද  හැකිවී  ඇත.  එසේම  මෙම  ස්ථානයේ  C C T V කැමරා  සවිකර  ඇත.  රෝගීන්  සඳහා  රූපවාහිනියක්ද  සවිකර  ඇත.

මේ  අතර  අධ්‍යක්ෂක  චන්ද්‍රගුප්ත  මහතා  අප  සමඟ  රෝගීන් ගේ  පැත්තෙන්   සිදුවන  ගටළු  සහගත  කරුණක් පෙන්වාදෙන   ලදී. ඒ  අනුව  පැහැදිළි වූයේ    රෝගින්  සමඟ  එන  සමහර  අයගේ  විවිධාකාරවූ  හැසිරීම්  නිසා  තමන්  සහ  තම  කාර්්‍යමණ්ඩලය  අපහසුතාවයට  පත්වන  බවත්,  එය  රෝහලේ  කටයුතු  නිසිලෙස  කරගෙන  යාමට  බාධාවක්  ලෙස  පවතින  බවයි.