මිගමුව රෝහලේ ජලයට අසුචි මිශ්‍රවෙලා !පරික්ෂණවලින් තහවුරුවේ!

0
319

 
NGB hospitalමිගමුව රෝහලේ ජලයට අසුචි මිශ්‍රව ඇති බව පරික්ෂණයකින් තහවුරුව ඇතැයි අපගේ රෝහල් ආරංචි මාර්ග දක්වා සි⁣ටි.පසුගිය කාලය තුල රෝහලේ කාණු ඔස්සේ අසූචී ගලායාම පිළිබදව බරපතල ගැටළුවක්ද පැවතිණි.
මේ ප්‍රශ්ණය පිළිබදව අදාල බලධාරින් දැනුවත් කළ අවස්ථාවේදි ඔවුන් කියා ඇත්තේ මේ තත්වය හමුවේ නිවෙස් වල් ජලය ගෙනවිත් භාවිතා කරන ලෙස යැයිද තවදුරටත් අපේ ආරංචි මාර්ග දක්වාසිටී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂතුමිය කියා සිටියේ තෙමසකට වරක්වත් සිදුකරනු ලබන විමර්ශනයකදි මේ බව අනාවරණය වි ඇති බවත් සතියක පමණ කාලය තුලදි යථා තත්වයට පැමිණවිමට කටයුතු කලහැකි බවත්ය.එතෙක් ජලය උණු කොට භාවිතයට ගැනිම සිදුකළ යුතුව ඇති බවයි.