මිගමුවේ කඩොලාන පරිසරය රැකගන්න තරුණ තරුණියෝ පෙරමුණ ගනිති .

0
134

පරිසර ප්‍රශ්ණය අද රටේම කථා බහට ලක්වු ප්‍රධානතම එක බවට පත්ව තිබේ. වෙනදා පරිසර සංවිධානවල වල පමණක් මාතෘකාවක් පරිසරය මේ වන විට වඩාත් උණුසුම් දේශපාලන තේමාවක් බවට පත්ව ඇත.
මේ අතර මිගමුව අවට පරිසරය රැකගැනිම ගැන ඇත්ත උනන්දුවක් ඇති අය දැනටමත් මිගමුවේ කඩොලාන පද්ධතිය ,මිගමුව කලපුව සහ මුතුරාජවෙල තෙත්බිම සුරැකිම ගැන වඩාත් අවධානය යොමුකර සිටිති.
ඒ අනුව පසුගියදා තරුණ කණ්ඩායමක් මිගමුව නාරා පරික්ෂණ පරිශ්‍රය තුලට පැමිණ කඩොලාන සුරැකිම වෙනුවෙන් මහඟු කර්ත්‍යවයක නිරතවිය.
කඩොලාන පරිසරය තුල ඇති අපද්‍රව්‍ය ඉවත් කොට කඩොලාන පරිසරය පවිත්‍ර කිරිම මෙන්ම තවත් කඩොල් පැල සිටුවිමට මුල පුරා තිබුණි.
srilanka unites සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබුණි