මිගමුවේ කිතුණු සහ මුස්ලිම් ජනයා යළිත් වරක් ලෝකයටම ආදර්ශයක් දෙයි !එදිරිවාදිකම් අත්හරි !

0
540

Periyamulla muslim community 2රටම අවුලුවාලන්නට සිතා තැන තැන බෝමබ පිපිරවිම් සිදුකළ මුස්ලිම් අන්තවාදින් වැඩිම විනාශය සිදුකර තිබුනේ මිගමුවේ කතෝලික ජනයා හටය.
බෝම්බය නිසා මිය ගණන 113 ක් වු අතර ඒ සියලු දෙනාම පවුල් 75 ක් අයවලුන් විය.තුවාල ලැබු ගණන 200 කි . පවුල් 177ක් වෙත මේ ම්ලේච්ඡ ප්‍රහාරය බලපා තිබුණි.
ඒ සා දරුණු වේදනාවක් සිත් දරාගෙන කිසිදු අයෙකුගෙන් පලියක් නොගෙන ලෝකයටම ආදර්ශයක් දෙමින් මිගමුවේ සමස්ථ කිතුණු ජනතාව ථෙතිහාසික පරිච්ජේදයක් මේ රටේ ඉතිහාසයටත් ලෝක කිතුණු ඉතිහාසයටත් එක්කොට හමාරය.DSC_0472
එහෙත් මිනිස් බිල්ලක් ඉවකරමින් සිටි කිසියම් බලවේගයක් තවදුරටත් සිය දේශපාලන න්‍යාය පත්‍රයන් ගොඩදාගැනිම සදහා කලක පටන් පැවැති ත්‍රිරෝද නැවතුම්පලවල් 2කක අාරවුලක් මැදට පැන්න බේබද්දන් පිරිසක් කලබලයකට මුලා පුරා තිබුනේ පසුගිය ඉරිදාය.
කලබගෑණිය දඩමිමා කොටගත් කිසියම් දේශපාලන බලවේගයක් මෙය තවදුරටත් අවුලුලාන්නට කටයුතු කළ බවට දැන් ඕනෑතරම් සාක්ෂි ලැබි හමාරය.
මේ පිරිස අතර පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරයකද සිටින බව හදුනාගෙන තිබුනේ ගරු පියවරුන් විසින්මය.
පොහොට්ටුවට සම්බන්ධ ප්‍රකට පුද්ගලයන් කිපදෙනෙකුම මේ අතර විය.
කෙසේ වෙතත් බලලෝභින්ගේ දේශපාලනය වෙනුවෙන් මිනිස් බිලි ගන්නට ඉව ඇල්ලුවද එය ඉටුවුයේ නැත,කෙසේ වෙතත් දැනට පොලිසිය සහ විපතට පත් ජනයා එක්ව කරන ලද විමර්ශණ වලදි හදුනාගෙන තිබුනේ නිවාස 67ති කට සහ එහි දේපල වලට හානි සිදුව ඇති බවය.
මේ අතර යතුරු පැදි 12 ක් ත්‍රිරෝද රථ 13 ක් මෙසේ ප්‍රහාරයන්ට ලක්ව විනාශය ගොස් තිබේ.මේ සියල්ලේ පාඩුව ලෙස දැනට ලක්ෂ 35 ක් බව හදුනාගෙන තිබේ.
මේ අතර දළුපත ප්‍රදේශයේ නිවසකින් ලක්ෂ ගණන මුදල් සහ රන්ආභරණද වෙයි.
මේ ප්‍රහාරයන් සදහා පුද්ගලයන් 48 ක් දෙනෙකු සම්න්ධවි සිටි අතර ඒ අයගෙන් 21 ක් දෙනෙකු පළඟතුර ප්‍රදේශයේ අයවලුන් වෙති.NGB damage 1NGB damage 3
මේ කලබල ඇති කළ පුද්ගලයන් දෙදෙනෙකු මුලදිම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් පවසා තිබුණි.
මේ සියළු වර්ධනයන් තුලදි කාර්දිනල් හිමියන් මේ අවසනාවන්ත ප්‍රහාරයෙන් පසුදිනම විපතට පත් ජනයා බැහැදැකිමට පැමිණිම ඒ අය වෙත මහත් අස්වැසිල්ලක් ගෙන දි තිබුණි.
අැතිව තිබුණ විරසකය දුරදිග අරන් නොයා නඩුමගට බැස නඩු කියනවා වෙනුවට මිගමුවට කල්පවතින සාමයක් සදහා වන  ස්ථිරසාර වැඩපිළිවෙලක් ගැන සිතන්න කිතුණු ආගමික නායකයන් මෙන් මුස්ලිම් ආගමික නායකයන්ද කතිකා කර ගත්හ.
එහි ප්‍රථිපලයක් ලෙසින් නඩු කියනවා වෙනුවට මුස්ලිම් ප්‍රජාවට සිදුව තිබුණ අලාභය ඔවුන් විසින්ම දරාගන්නට තින්දු ගෙන තිබුනේ නඩු දින වාරයන් පාසා තවත් අලුත් ගැටුම් නිර්මාණය විම වලකාලනු පිණිසය.
එහෙත් මුස්ලිම් ආගමික නායකයන් වෙතින් එක ඉල්ලිමක් පොලිසිය වෙත ඉදිරිපත්ව තිබේ.එනම් වැරදිකරුවන් ලෙසින් හදුනාගෙන ඇති සියළු දෙනා කැදවා පොලිසියද සිටියදි යළිත් එවන් දේ සිදුනොවන පසුබිමක් ගැන කරුණු පැහැදිලි කිරිමක් කරදෙන ලෙසය.
කෙසේ වෙතත් මේ සියල්ල ඔස්සේ කිතුණු ප්‍රජාවත් මුස්ලිම් ප්‍රජාවත් ලෝකයා හමුවේ යළිත් වරක් දැවැන්ත ආදර්ශයක් සපයා  දි තිබේ.FB_IMG_1556081548304
අප කවදත් කථා කළ දේදුණු නගරයේ අසිරිය බිද දැමිමට මාන බැලු බලලෝභි දේශපාලන බලවේගය පරාජය පත්කිරිම මේ ආගමික නායකයන් විසින් දැනටමත් තබා ඇති යෝධ පියවරයන් යළි ආපසු හැරිමට රාජපක්ෂලාට නම් කිසිසෙත්ම නොහැකිය.
ලේ සුවදටම ඉව අල්ලන ඒ පරම්පාරවට මිගමුවෙන් යළිත් වරක් අවුලුවාලන්නට ඉඩක් ඉදිරියේ හෝ විවර නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here