මිගමුවේ කොමසාරිස් පාලනය යටතේ parking ගාස්තුත් වැඩිවෙයි.

0
455

මිගමුව නාගරික කොමසාරිස්ගේ අණ පරිදි දැන් මිගමුව නගරයේ රථවාහන නැවැත්විමේද අය කරන ගාස්තුව දෙගුණයකින් වැඩිකර ඇත.

ඒ අනුව කලින් රු 50ක් වු රථ වාහන නැවතුම් ගාස්තුව මේ වන විට රු 100ක් දක්වා වැඩිකර තිබේ.

අදාල මුදල් අයකරන සේවකයාගෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිට්යේ ගාස්තු අය කිරිම මේ වන ව්ට ටෙන්ඩර් දි ඇති බවත් ටෙන්ඩර් හිමිකරු ලකි නැමැත්තෙකු බවත්ය.දැනට මසක පමණ කාලයක සිට මේ ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක බවය.

නාගරික කොමසාරිස්ගේ අණපරිදි යනුවෙන් සඳහන් නාමපුවරුව මෙන්ම අදාල ටිකට් පතද ඡායාරූප ගත කිරිම ගැනද ආදල සේවකයා විසින් ඔහුගේ බොස් යැයි කියන අය වෙත දැනුම් දෙන දෙබසක්ද විය.

නාගරික කොමසාරිස්ගේ අණපරිදි පුවරුව ඡායාරූප ගතකිරිමට මාධ්‍යවේදීයෙකුට කිසිවෙකුන් ගෙන් අවසර ලබා ගැනිමට අවශ්‍ය නැතී බවත් ඒ අනුව අදාල ටෙන්ඩර් කරුට ඒ බව පැවැසිම අනවශ්‍ය බවත් කියා සිටියද අදාල සේවකයා නොසරුප ⁣ලෙසින් භාෂාව හසුරුවමින් කේන්තියෙන් මෙන් හැසිරුණි.

මීට පෙර රථ වාහන ගාස්තුව රු 50ක් වු අතර එහි අදායම ගියේ මහනගර සභාව වෙතය.ඉන් කිසියම් කොමිස් මුදලක් ඒඒ සේවිකාවන්ටද හිමිවිය.එදා නගර සභාවට ලැබුන ආදායම ඩබල් වි දැන් ටෙන්ඩර් කරුවෙකු සාක්කුවට බැරවෙයි.

ලංසා පාලනයට එහා ගිය ලංසා, කොමසාරිස් හවුල් පාලනයක් දැන් මිගමුව තුල ක්‍රියාත්මකය .