මිගමුවේ කොමසාරිස් පාලනයට යටතේ වංචා දුෂණ සෙල්ලම ජයටම ?

0
333

මිගමුවේ කොමසාරිස් පාලනය යටතේ සිදුවෙමින් ඇතැයි කියන දුෂණ වංචා රැසක් ගැන විවිධ පුද්ගලයන් විසින් මිපුර වෙබ් අඩවිය දැනුවත් කරමින් තිබේ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ ලැබුන පුවත ගැන ඇසු විට හැඟී යන්නේ මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුලු ඇතැම් නිලධාරින් කොයිතරම් නම් දුෂතයන්දැයි කියාය.

මිගමු පෙරියමුල්ල මාක් පාරේ පිහිටි නව නිවසකට විදුලිය ලබාගැනිමට යාමේදි දැනට පිහිටා ඇති කණුව හරස් වු නිසා මහනගර සභාවේ කාණුව කඩා දමා මෙම ලයිට් කණුව  කාණුව තුල ස්ථාපිත කිරිමට අදාල නිළධාරින් විසින් පියවර ගෙන තිබුණි.

වාර්තා වන අන්දමට මේ සදහා මිගමුව මහනගර සභා උසස්ම නිලධාරියෙකු හා අංක එකේ දුෂිත TO  කෙනෙක්ද සම්බන්ධ බවය.
මේ කණු ගණුදෙනුවේ ගතමනාව රුපියල් ලක්ෂ  2 කකට ආසන්න බවද කියැවේ