මිගමුවේ කොරෝනා පැතිරෙද්දි මිගමු මහනගර සභාවේ අද(06) ලොකු දේශපාලන රැස්විමක් ?

0
108

මීගමුව තුල තවමත් කොරෝනා අවදානමක් තිබියදි මිගමුව මහනගර සභාවේ අද සවස් වරුවේ විශාල පිරිසක් සහභාගි වන පොහොට්ටුවේ රැස්විම් 2 කක් පැවැත්විමට නියමිත බව වාර්තාවේ.

තරුණ සමුළුවක් මෙන්ම කාන්තා සමුළුවක් අද සවස මීගමුව නරගාධිපතිගේ මුලිකත්වයෙන් පැවත්විමට කටයුතු යොදා ඇතැයි කියැවේ.

මංගල අවමංගල කටයුතු වලට මෙන්ම රැස්විම් සදහාද බරපතල සිමාවන් පනවා තිබියදි මිගමුවේ දේශපාලන රැස්විම් වලට ඒ නිරෝධායන රෙගුලාසි අදාල නැතිදැයි මිගමු මහනගර සභා සේවකයෝම ප්‍රශ්ණ කර සිටිති
මේ අතර මිට දින කිපයකට පෙර නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකුම කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබුන අතර නියෝජ්‍ය නගරාධිපතිගේ පවුලේ සමාජිකයෙකුටද කොරෝනා ආසාදනය වි තිබුන බව වාර්තා විය