මිගමුවේ දුෂිතම TO රන්මුතුව සංගීත් පච කරපු හැටි..

0
170

මිගමුව මහනගර සභාවේ රන්මුතු කියන්නේ කුප්‍රකටම තාක්ෂණික නිලධාරි කිව්වොත් ඒක කොහොමටවත් අතිශයෝක්තියක් නම් නෙමේ.මොකද මෙයා තමයි නගරාධිපති දයාන් ලංසාගේ දුෂිත ගණුදෙනු කළමණාකරනය කරන කෙනා.මේ ගණුදෙනු වලින් 5%.කොමිස් එක සිය දේශපාලන හාම්පුතාට අතටම යන්න සේරම කටයුතු ටික සැලසුම් කරන්නේත් මෙයා තමයි.

ඒ විතරක් නෙමෙයි මෙයාට වඩා ඉතා ඉහල පරිපාලන සුදුසුකම් තියෙන ප්‍රධාන නිලධාරින් රැස්වෙන අවස්ථාව වලදි පවා මල්ටි මිඩියා දාල අදාල ව්‍යාපෘති ගැන ඉදිරිපත් කිරිම් කරන්න දේශපාලන අධිකාරිය පවරල තියෙන්නෙත් මෙයාටලු.

හැබැයි කොහොම උනත් පහුගිය මහසභා රැස්විමේදි නම් මේ රන්මුතු කියන කෙනයි එයාගේ දේශපාලන හාම්පුතයි අම්බානකට පච වුනාලු.

එදා රැස්විමට ඉදිරිපත් කරල තිබුන සමහරක් ව්‍යාපෘති වාර්තාවලට අත්සන් කරල තිබුනේ රන්මුතු ලු.මේක හංගල කරල තිබුනත් එජාපෙ නාගරික මන්ත්‍රී සංගීත් මේ ගැන හොයාගෙන තිබුන .එයා මහසභාවේදි මේ කාරණය මතුකරලා පෙන්නල දුන්නේ රන්මුතු වගේ නිලයක් දරන කෙනෙක්ට කොහොමවත් අරවගේ ව්‍යාපෘති වාර්තාවකට අත්සන් කරන්න බැහැයි කියල කරුණු ඇතිව පෙන්නල දිලා. එතකොට නගාරාධිපති දයාන්ගෙත් මුණ කළු වුනාලු.

මොකද ඇත්තනේ .එතකොට තමයි ආණ්ඩු පක්⁣සේ අයටත් මේ වැරැද්දෙ බරපතල කම තේරිලා තිබුනේ.

එයාලත් නැගිටල මේකට ලෙඩේ ඇද්දලු.දැන් සභාව නන්නත්තාරයිලු.

හැබැයි එජාපෙ සංවිධායක බෙන්ජමින්ලා වගේ අය ලංසා පවුලේ ඔඩොක්කු කුක්කන් බවට පත්වෙන කොට සංගීත් වගේ තරුණ එජාප නායකයෝ අද කෙලින්ම ලංසා පවුල⁣ට ඇඟිල්ල දික් කරල අභියෝග කරන්න පටන් අරන් තියෙනවා.

ඒ කියන්නේ කටු සූප්පුකරන ඔඩොක්කු කුක්කන් වෙනුවට සංගීත්ල වගේ කෙලින් ඉන්න ප්‍රතිපත්තිගරුක අයට තැනක් ලැබුනොත් විතරයි මිගමුවේ එජාපෙට ඉදිරියේදි ගොඩයන්න පුලුවන් වෙන්නේ.නැත්නම් එජාපේ මිගමුවෙන් අතුගෑවිලා යන එක වලක්වන්න බැරි වෙනවා.ඒ්ක තමයි තිත්ත වුනත් ඇත්ත .

නාගරික මන්ත්‍රි සංගිත් ගේ ප්‍රකාශය