මිගමුවේ මත්කුඩු ජාවාරමට තිත තබන්න සාමුහික සැලැස්මක් !

0
108

FB_IMG_1519838289568FB_IMG_1519838268942මීගමුවේ මත්කුඩු ජාවාරමට තිත තැබිම සදහා සාමුහික මැදිහත්විමක අවස්ථාව කාර්දිනල් හිමි අවධාරණය කර සිටියේ මීගමුව ජයගත් එජාප අපේක්ෂකයන් හා පැවැති විශේෂ හමුවකදිය.
මෙම හමුව ඊයේ පෙරවරුවේ අගරදගුරු මැදුරේදි පැවැත්විණි.මීගමුවේ පැවැති රැළියට පෙර මීගමුව ජයගත් සියළු අපේක්ෂකයන් විසින් අත්සන් කරමින් විශේෂ ලිපියක්ද කාර්දිනල් හිමි වෙත යොමුකර තිබුනේ මීගමුවේ මත්කුඩු මාෆියාව සදහටම නිමා කිරිමට නම් රැළි වලින් හෝ පෙළපාලි වලින්ම පමණක් නොහැකි බවත් පුළුල් වැඩපිළිවෙලක් අවැසි බවත් සදහන් කරමිණි.
ඒ සදහා සම්පුර්ණ සහය දිමටද මීගමුවේ සියලුම එජාප නාගරික මන්ත්‍රිවරුන් කැපවෙන බවද අවධාරණය කර තිබුණි.
පැයකට ආසන්න කාලයක් පැවැති මේ ඵලදායි මෙන්ම ඉතාමත් සුහද සාකච්ජාව ගැන සියළු ජයග්‍රාහි අපෙක්ෂකයන් කථා කළේ ඉහමත් සතුටිනි.
වැල්ලවිදිය ජයගත් සජිත් මෝගන් කාර්දිනල් හිමි ඇතුළු සිය සගයන් හා එක්ව සෙල්ෆි ජායාරුපක්ද අරගත්තේය.
කාර්දිනල් හිමි ඇතුළු ගරු පියවරුන් මීගමුවේ මත්කුඩු මඩින්න ගෙන ඇති සටනට දිගටම කැපවිම සදහා සියළු දෙනාම තින්දු කළ බවද අප කළ විමසිමකට පිළිතුරු අපේක්ෂකයෝ බහුතරයක් ප්‍රකාශ කර සිටියහ.sajith M