මිතුරන් සමග රයිස් ගැනීමට ගිය ජීසස්ට අන්සර් හෝටලයෙන් මාරාන්තික ප්‍රහාරයක්

0
92


කේ. ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දුගේ වයස අවු 15 කි. මීගමුව ඔහු ජීවත්වූයේ  අසරප්පා වත්තේ කුඩා නිවසකය. ඔහු අධ්‍යාපනය ලැබූවේ මීගමුව සාන්ත පීතර විදුහලේ 10 වසරෙය්ය. ඔහුගේ පියා ධීවර කම්රුවෙක් වන අතර නම කේ. අයිවන් ප‍්‍රනාන්දු වේ. මව පී. ආනන්දිය.  ඔහුට පවුලේ වැඩිමහල් සහෝදරයක් සහ බාල නැගණියක් සිටියි. ජීසස් ජෙනීසියස්ගේ ජීවිතයට අභාග්‍යසම්පන්න සිදුවීම උදාකළ මෙම දවස 2011 වසරේ අගෝස්තු මස 25.    මෙම සිදුවීම ගැන ඔහුගේ මවත් පියාත් පැවසූ තොරතුරු අනුව එය මෙසේ සිදුවී ඇත.
එදින රාත‍්‍රී 8 .00 ට පමණ ජීසස් මිතුරන් සමග පෙරියමුල්ල අන්සාර් හෝටලය  ට  ගොස් තිබුණේ මිතුරෙකුට ප‍්‍රයිඞ් රයිස් එකක් ගැනීම සදහායි.
ජීසස් යාලූවෝ හතර පස්දෙනෙක් එක්ක  අන්සර් හෝටලයට ගියේ  යාලූවෙකුට ප‍්‍රයිඞ් රයිස් එකක් ගැනීමටයි.  බයිසිකල් වලින් ගොස්  බයිසිකල් ටික එම හෝටලය අසල  නවත්තලා හෝටලය ඇතුලට යද්දී හෝටලයේ  වැඩකරන දෙන්නෙක් කෑ ගහලා තියෙනවා, මෙතන බයිසිකල් ගහපුහම වාහන පාක් කරන්ඩ ඉඩ මදි වෙනවා  කියලා. එතන හිටපු ජීසස්ගේ යාලූවෙක් කියලා තියෙනවා මම හැමදාම මෙතනට එනවා රයිස් ගන්ඩ , ගත්ත ගමන්ම අපි යනවා. කියලා.’’ ඒ වනවිට ජීසස් ඉදලා තියෙන්නේ අන්සාර් හෝටලයට තරමක් නුදුරින් තම යහලූවන් එන තෙක්ය. යහලූවන් හෝටලයෙන් එලියට  එන විට වාහන  පාක් කර තිබූ නිසා  බයිසිකල් එලියට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා  ඒ නිසා මිතුරන් අපහසුවට පත්වි  ඇත.  නමුත් හෝටලයේ  වැඩකරන  පුද්ගලයින් දෙන්නෙක් පැමිණ බයිසිකල් ගන්නා මෙන් කරදර කරද්දී ඔවුන් කියා ඇත්තේ වාහන ගත් පසු අපි බයිසිකල් අරන් යන්නම් කියායි. එතකොට ඒ පුද්ගලයින් ‘‘ තමුසෙලාගේ කට වැඩියි‘‘ කියා පහරදෙන්නට සූදානම් වී ඇත.  ඒතකොට හෝටලයේ මුදලාලි  ‘උන්ට  ගහපල්ලා යැයි පවසා ඇත. ඉන් පසු සේවකයින් කීපදෙනෙක් ඇවිත් ජීස්සගේ  මිතුරන්ට පොලූ රැුගෙන විත් පහර දී තිබේ.  එතනදී එක් මිතුරෙක් බිම වැටී සිටි නිසා ඔහුව නැගිටවීමට ජීසස් එතනට ගොස් ඇත.. ඒ අවස්ථාවේදී අර සේවකයින් නැවතත් පොලූ රැුගෙන ජීසස්ටත් පහර දෙන්නට පහර දී ඇති අතර  පසුව ප‍්‍රයිඞ් රයිස් හදන හැන්ද රැුගෙන විත් ජීසසගේ ඔලූවට වැරෙන් පහර දී තිබෙනවා. පසුව ඔහුව බිම ඇද වැටී තිබෙනවා. මේ බව දැනගත් ඔහුගේ ඥාති සහෝදර යුවලක් එතනට පැමිණ ජීසස්ව මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. ඒ වන විට රාත‍්‍රී 09 ට පමණ වී ඇත.

එතැන් පටන් සිදුවීම
මීගමුව රෝහලට ගෙන ගිය ජීසස් ව පැයක් පමණ කාලයක් රදවා ගෙන සිට කොළඹ  මහ රෝහලට ඇතුලත් කරන ලදී. එහිදී ජීසස්ව විශේෂ සැත්කම් කීපයකට භාජනය කරන ලදී. එහිදී ඔහුගේ හිස්කබලෙන් කොටසක් ඉවත් කිරිමට සිදුවී ඇත.ශෛල්‍යකර්මයෙන් පසු ශල්‍යකර්මයට ලක් කරන රෝගීන් පමණක් සිටින විශේෂ ඒකකයට :ීෂක්‍ඹ * ඔහුව ඇතුල් කර, එහිදී ඔහුට ස්වභාවිකව හුස්ම ගැනීමට නොහැකි නිසා යන්ත‍්‍රයක් මාර්ගයෙන් හුස්ම ගැනීමට සලසා  තිබේ. ඉන් පසු උගුරට බටයක් සම්බන්ධ කර හුසුම ගැනීමට ආධාරයක් සපයන ලදී. ජීසස් කොළඹ මහා රෝහලේ  ීෂක්‍ඹ අංශයේ සති 3ක ප‍්‍රතිකාර ලබා  දැඩි සත්කාර ඒකකයේ ( ෂක්‍ඹ *  තවත් සතියක්  පමණ ප‍්‍රතිකාර ලබා මීගමුව රෝහලට ගෙනෙන ලදී.  ඒ සැප්තැම්බර් මස 18 වනදායි.  ඒ වනවිටත් ඔහුට ආහාර දුන්නේ බට මාර්ගෙයෙනි. මුත‍්‍රා පිටවීමට ද වෙනම බටයක් යොදා තිබුණි. ඔහුගේ මළ පහ  පිට කිරීමටවත් බාහිර උපකරණයක් යොදවීමට බැරි තරමට ඔහු සිහි සුන්ව ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවිය.
මීගමුව රෝහලේ දී  විශේෂඥ වෛi පනංගල මහත්මියගේ උපදෙස් මත ජීසස්ව නැවතත් භෞත චිකිත්සක ව්‍යායාම සදහා රාගම රණවිරු සෙවනට යොමු කරන ලදී.   දැනට මාස 3කට ආසන්න කාලයක් සිට කාලයක් තිස්සේ ඔහු රාගම රණවිරු සේවනේ සිටින අතර ව්‍යායාම වල යෙදී සිටියි. එම නිසා  ඔහුට තරමක ප‍්‍රකෘති තත්ත්වයක් ලැබී තිබේ. දැන් ඔහුට ගොත ගසමින් කතා කිරීමට හැකියාව ලැබී අතර වම් අත සහ වම් කකුල පණ නැතිවී ඇත. ආහාර ගැනීමේදී  ඔහු ඉතා අසීරුතාවයට පත්වේ. ඒ ඔහුගේ මුවින් කෙල අධික ප‍්‍රමාණයක් පිටතට පැමිණීම නිසායි.

පහරදීම සම්බන්ධයෙන් නීතිමය පියවර
ජීසස්ගේ දෙමාපියන් පවසන පරිදි සිද්ධිය වූ දවස් කීපයකින්  ඔහුගේ පියා මීගමුව පොලීසියට මේ පහරදීම ගොස්් පැමිණිලි කර ඇත.. එවිට පොලීසියෙන් පවසා තිබුණේ අනෙක් මිතුරන් පැමිණිලි කළ නිසා කටඋත්තරයක් පමණක් සටහන් කිරීම ප‍්‍රමාණවත් බවයි. ඔවුන් ඒ පිළිබඳව විමර්ශනයක් කරන බව ද පවසා ඇති නමුත් පොලීසියෙන් මේ වනතෙක් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති අතර , සිද්ධියට සම්බන්ධවූ හෝටල් සේවකයින් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන සති දෙකක් රිමාන්ඞ් කර ඇප මත මුදා හැර තිබේ. නමුත් මේ වනතෙක්  එම හෝටලයේ මුදලාලිව  අත්අඩංගුවට ගෙන හෝ ප‍්‍රශ්න කිරීමක් කර නොමැත. මේ සම්බන්ධව නඩු වාරයක් පැවත්වී ඇති ඇතර ඒ පිළිබද කිසිදු දැනුම්දීමක් ජීසස්ගේ දෙමව්පියන් වෙත මීගමුවෙ පොලීසියෙන් දැනුම් දී නොමැත.

ප‍්‍රමාණවත් වන්දියක් ලැබී නොමැත

ඔහුගේ මව ඒ පිළිබඳ පවසා සිටියේ මෙවැනි දෙයකි
මීගමුව  රෝහලේදී ජීසස්ට අවශ්‍ය තිබූ බෙහෙත් ඔෂධ ගැනීම සදහා රු 65 000ක් අවශ්‍ය වුණා. එබැවින් අපි  සිද්ධියට මුහුණ පෑ ළමයින් කීපදෙනෙක් සමග අන්සර් හෝටලයේ මුදලාලි මුණ ගැසීමට ගියා. එතනදී ඔහු පැවසුවා මේ සිදුවීමට මාව සම්බන්ධ කරගන්ඩ එපා කියලා,
පසුව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරියේ මේ දරුවාට වන්දියක් වශයෙන් එක් ලක්ෂ පනස්දාහක් දීමට පොරොන්දු වුණා. නමුත් අපට ලැබුණේ රු 30000ක් පමණයි. ඒ 2011 ඔකතෙෝම්බර් මාසයේදී. නමුත් අද වනතෙක් ඉතිරි මුදල ලෙස කීයක්වත් ලැබුණේ නෑ. නමුත් ඔහු ප‍්‍රචාරය කර තිබෙනවා පොරොන්දු වූ මුලූ මුදලම දුන්නා කියා.

කේ. ජීසස් ජෙනීසියස් ප‍්‍රනාන්දු  මේ සිදුවීම වන විට සාන්ත පීතර විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දක්ෂ සිසුවෙකි. ඔහු වොලිබෝල්,චෙස් ,මැරතන් ඇතුලූ මළල ක‍්‍රීඩා වලටද  දක්ෂයෙක්ි. විද්‍යාලීය පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු සේම මීගමුව ජුපිටර් පාපන්දු ක‍්‍රිඩා සමාජයේ විශේෂ හැකියාවක් දක්වන ක‍්‍රිඩයෙකි. ඔහු සිය වයසටත් වඩා වැඩිමහල් ක‍්‍රීඩකයින් සමග පවා පාපන්දු තරග වලට ඉදිරිපත්වන අතර එම ක‍්‍රීඩා සමාජය විසින් ඔහුට විශේෂ ගෙවීමක් ද කර ඇත. තමන්ට අනපේක්ෂිත ලෙස මුහුණපෑමට සිදුවූ මෙම අනතුරින් ඔහුගේ ජීවිතයට යළි යථාතත්ත්වයට පත්වීම කවදා හෝ සිදුවනතෙක් ඔහුට කාගේ හෝ අධාරයෙන් ජීවත්වීමට සිදුව ඇත. එමෙන්ම ධිවර කම්කරුවෙක් වන ඔහුගේ පියාට අනෙක් දරුවන් දෙදෙනාගේත් සියලූ වියදම් මෙන්ම ජීසස් වෙනුවෙන් දරන්නට සිදුව ඇති ආරථික වැයත් මහත් බරකි. එමෙන්ම මෙම සිදුවීම නිසා සිය 2011 වසරේ අගොස්තු මස සිට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වෙනස් වී ජීසස් සුවකර ගැනීම වෙනුවෙන් විශාල කැපවිමක් කරන්නට වෙහෙස කාරී දිවි පෙවෙතක් ගත කරන්නට සිදුවිය. ඉතින් ඒ සියලූ කැපකිරීම් අවසන ඔවුන්ට සිනාසීමට හැකිවන්නේ ජීසස් සම්පූර්ණ සුවය ලැබ යළි ගෙදර පැමිණියහොත් පමණි. ඒ සතුට උදාකරගන්නට ඔවුන්ට නීතිමය සාධාරණයත් ඉටුවිය යුතයි.

සටහන – තුෂාර රොහාන්