මිනිස් ජිවිත 25 ක් බිලිගත් අනාරක්ෂිත දුම්රිය කපොල්ලක්..??

0
233

DSC06109

මීගමුවේ දැනට ඇති ආනාරත්ෂිත දුම්රිය හරස් මාර්ග වල ඇති  ආනාරක්ෂිතභාවය නිසාම විශාල මිනිස් ජීවිත සංඛ්‍යාක් දුමිරියට බිලි වී ඇති බවත් එම ආනාරක්ෂිත ස්ථාන වල සිදුවන
දුම්රිය අනතුරු වලක්වා ගැනීම පිනිස විදුලි සංඥා පද්ධති සීනු සවි කිරීම අත්‍යාවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා යැවිය යුතු බවට වු යෝජනාවක් මීගමුව මහා නගර සභාවට ඉදිරිපත් කර තිබිණි.
එනම් එනම් ජුනි මස 08 වැනි බ්‍රහස්පතින්දා මීගමුව මහ නගර සභාවේදී පැවැති මාසික මහා සභා
රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කලේ එ.ජා.ප.යේ රෝයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා විසිනි.
එලෙසම එම යෝජනාවේ වැඩි දුරටත් සදහන් වී තිබුනේ මීගමුවේ අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු මාවත හරහා තිල්ලන්දූව ග්‍රාමය වෙත පිවිසිය හැකි එකම විකල්ප පාර, දුම්රිය මාර්ගය හරහා වැටී ඇති අතර එම මාර්ගය දැනට වසර 15 කට පමන පෙර විවෘත වුයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය මත අදාල දුම්රිය පිලි ද සකසා අනතුරු අගවන පුවරුද සහිතව බවයි.
එහෙත් එදා සිට පුද්ගලයින් 25 දෙනෙකු පමන දුම්රිය අනතුරු සිදු වීම නිසා එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම යෝජනාවේ වැඩි දුරටත් සදහන්ව තිබිණි.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු වැඩි දුරටත් පැවසුවේ පසුගියදා ඉහත සදහන් කල ස්ථානයේදී මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ශිෂ්‍යනායක දරුවකු දුමිරියට බිලි වී ජීවිතක්ෂයට පත් වූ බවයි. එම පාර මේ වන විට කාපට් කිරීමට හෝ කොන්ක්‍රිට් කිරීමට යන බවත් ඒ නිසා එම ස්ථානයට විදුලි සංඥා හෝ අනතුරු හගවන පුවරු ලබා දීමට යැයි ඉල්ලා යෝජනාවක් පමනක් සම්මත කර ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා යැවීම පමනක් පලක් නොවන බවද ඔහු අවධාරණය කලේය.
එලෙසම ඔහු පැවසුවේ මෙම යෝජනාව මේ සභාවේ දී සම්මත කර දුම්රිය දෙපාර්තමේන්තුවට යැවු පමනින්ම මෙම කාර්්‍යය ඉටු වේ යැයි සිතිය නොහැකි බවයි. ඒ නිසා එම කාර්්‍යය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉටු වන තුරු පලානේ ජනතාවගේ පරිපාලන ආයතනය වු නගර සභාව ලෙස එම ස්ථාන වල අනතුරුදායකයි යන වදන ඇතුලත් දැන්වීම් පුවරු හෝ නගර සභා ප්‍රතිපාදන වලින් මෙවැනි අනාරක්ෂිත ස්ථාන වල සවි කිරීමට කටයුතු කරන ලෙසද ඔහු වීශේෂයෙන් නගරාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කලේය.
මෙහිදී කථා කල ආන්ඩු පක්ෂයේ සුනිල් සිල්වා නාගරික මන්ත්‍රිවරයා සදහන් කලේ මෙවැනි ආනාරක්ෂිත ස්ථාන ගණනාවක් මෙම සභා බල ප්‍රදේශයේ පවතින බවයි. ඒ නිසා මෙවැනි ස්ථාන වල අනතුරු හගවන සීනු සහ පුවරු සවි කිරීිම සදහා නිමල් ලාංසා අමාත්‍යවරයා හරහා විශාල කාර්්‍යය භාරයක් සිදු කල හැකි බවත් ඉතා ඉක්මනින් ඒ සදහා කටයුතු කල යුතු බවත් ඔහු පැවසීය.
විශේෂයෙන් තමන් නියෝජනය කරන දඵවකොටුව ප්‍රදේශයේ ඇති රීදී වැලි පාරේ දුම්රිය හරස් මාර්ගයද ඉතා ආනාරක්ෂිත ස්ථානයක් බවත් රථ වාහනයක සිට එම ස්ථානයට පැමිණි විට දෙපස ඇති දුම්රිය මාර්ගය පැහැදිලි නොපෙනෙන බවද ඔහු සදහන් කලේය.
ඒ එම දෙපස එක් පැත්තක කුකුල් මස් විකුනන කඩයක් සහ අනෙක් පස කෙසෙල් වගා කර ඇති බවද ඔහු පැවසීය. එහිදී ඔහු පවසන්නේ දුම්රිය මාර්ගය දෙපස ඇති එවැනි අනවසර ඉදිකිරීම් සහ වගාවන් ඉවත් කල යුතු බවයි.
එමෙන්ම ආන්ඩු පක්ෂයේ කපිල නන්ද සුලෝචන නාගරික මන්ත්‍රිවරයා පැවසුවේ තමන් වෙසෙන පෙරියමුල්ලේ මාර්ක් පාර සහ ශාන්ත ආන්තෝනි මාවත එක්වන ස්ථානයේ ඇති දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ එක් පසෙක ඇති සුරුවමක් සහිත කුටියක් මේ වන විට එම ස්ථානයෙන් තවත් ඉදිරියට ගෙන ඉදිකරමින් ඇති බවයි.
ඒ නිසාද එම දුම්රිය හරස් මාර්ගයෙන් යනෙන අයට දුම්රියක් පැමිනේවිදැයි එක්වරම පැහැදිලිව නොපෙනෙන තත්වයක් මතුව ඇතැයිද පැවසීය.
නගරාධිපතිවරයා පැවසුවේ මීගමුව නගරයේ එනම් ග්‍රීන් පාර්ක් අසල ඇති ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ එක් පැත්තක සවි කර ඇති කටවුට් නිසා දුම්රියක් පැමිණේ දැයි පැහැදිලිව නොපෙනෙන බවත් එම කටවුට් ඉවත් කල යුතු බවත් දන්වා දුම්රිය දෙපාර්තමේතුවද තමාට දැනුම් දී ඇති බවයි.
ඒ නිසා දුම්රිය මාර්ගය පැහැදිලිව නොපෙනෙන එම ආනාරක්ෂිත ස්ථාන ඉවත් කීරීමට  එම ප්‍රදේශයේ ජනතාව ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් නගරාධිපතිවරයා ලෙස නීත්‍යානුකූලව ඒවා ඉවත් කීරිමට තමන් පසුබට නොවෙන බවද ඔහු පැවසීය. එලෙසම මෙම යෝජනාව ඉදිරිපත් කල එ.ජා.ප.යේ රෝයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්තී්‍රවරයාට නගරාධිපතිවරයා පැසුවේ එම යෝජනාවට සංශෝධනයක් කර නැවත ඉදිරිපත් කරන ලෙසයි. එනම් එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති ස්ථාන වලට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කල යුතු කාර්්‍යය භාර්‍යය කෙරෙන තුරු නගර සභාවේ ප්‍රති පාදන වලින් අනතුරුදායකයි, විමසිලිමත් වෙමු යන වදන සහිත පුවරු ඉදි කල යුතු බවට යෝජනා කරන බවයි. ඒ අනුව එම සංශෝධනය සහිතව නැවත ඉදිරිපත් කල එම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.