මිනිස් ජීවිත සුරකින්නට වහාම විශේෂඥයින්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්න.

0
113


දිනෙන් දින වැඩිවන කෝවිඩ් මරණ ගණන් ගනිමින් මහජනතාව භීතියෙන් සිටිත්දී පාලකයෝ වෛරස් විශේෂඥයින් සමග ලොක්ඩවුන් සඳහා කඹ අදිති. මෙය වෛරස් සමග යුද්ධයක් නිසා සටනේ පෙරමුණු බල ඇණිය බවට ආණ්ඩුවේ අතවැසි සෞඛ්‍ය නිලධාරින් නොව, වෛරස් විශේඥයින් පත් කළ යුතු බව කෝවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නායකත්වය හමුදා ප්‍රධානියෙකු අතට පත් කොට, මෙය හමුදාව හා ජාතිය බේරාගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය උත්කර්ෂයට නංවන, ආණ්ඩුවේ මිලිටරිකරණය ක්‍රියාදාමය දියත් කරන්නක් බවට පත් කර ගත් පළමු මොහොතේම අපිදු පැවසුමෙු.
අලූත් අවුරුදු සමයේ මෙම වසංගතය මැද ජනතාවගේ හැසිරීම් රටාව ලිහිල් කිරිමට ඉඩ දීම තුළින් ඇති විය හැකි ඵල විපාක ගැන අනතුරු ඇඟවීමක් සමහර අය ප්‍රකාශ කළහ. ශී්‍ර ලංකාව කොවිඩ්වලට එරෙහි සටන කොවිඩ් පැරදවීමේ සිට කෝවිඩ් සමඟ ජීවත්විමට මාරු වීමේ ප්‍රතිඵලය දැන් අප භූක්ති විඳිමින් සිටිමු.ග
ඉදින් පළමු දෙවන රැළි වලට පසු තෙවනි රැල්ලේ රෝගීන් හා මරණ රටම භීතියට පත් කර ඇති පසුබිමක මුස්ලිම් සිරුරු ආදාහනය සම්බන්ධයෙන් කළා සේ රජයේ සැගවුනු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තව දුරටත් හිතුවක්කාර ලෙස විශේෂඥ මත අවඥාවට ලක් කරමින් කල්මරමින් සිටින පාලකයින්ට දෙවියන්ගේ නාමයෙන් පහත ඉල්ලීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉදිරිපත් කරමු.
1ග ජන ජීවිතය මරණය වෙත ඇද දමන විශේෂඥයින් සමග කඹ ඇදීමේ මේ මිනිමරු සෙල්ලම වහා නවත්වන්න.
2ග ලොක්ඩවුන් තීරණය කළ යුත්තේ අසමත් දේශපාලකයින්ගේ දැක්මට අනුව වත් ඔවුන්ගේ අතවැසි නිලධාරින් අනුව වත් නොවේ. පිළිගත් විශේෂඥ වෛද්‍ය මතය අනුවයි. ලාභය මුල්කරගත් ධනපති ආර්ථීක විද්‍යාව මත නොවේ. මානව ප්‍රේමයද වෛරස් විද්‍යාවද අනුවයි. ඒ අනුව ඔවුන්ට ප්‍රමුඛතාවය දී දේශපාලකයින් පසු පසට වී වහාම සැලසුම් සකස් කිරීමට ක්‍රියා කරන්න.
3ග වහාම දිළිඳු ජන කොටස් සඳහා දෙසතියකට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා රෝගීන් සඳහා ඖෂධ සපයා විශේෂඥ මතය අනුව අවශ්‍ය ලොක්ඩවුන් කාලයක් ප්‍රකාශ කරන්න.
4ග එසේම වෛද්‍යවරු හා ඔවුන්ගේ පවුල් පමණක් නොව, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා පවුල් දල වසංගතය පාලනය කර ගැනීම සදහා අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන අනිකුත් අය සඳහා ද වහාම එන්නත් ලබා දී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න.
5ග පහසුකම් නැතිව දුක් විඳින රෝගීන් රෝහල්වලින් පැනයන තත්ත්වයක් උදා විය හැකි බැවින් රජය සියලූ හදිසි නොවන ව්‍යාපෘති නවතා රෝගීන් බේරා ගැනීමේ හදිසි තත්ත්වය සඳහා වැය කරමින් රෝහල්වලට වහාම පහසුකම් සැලසීමට පියවර ගන්න.
6ග කොවිඩ් තත්ත්වය තුළ ගොවි ජනයාට වගා කිරිමට දුන් අවසරයට අර්ථයක් දෙමින් ඔවුන්ගේ අස්වනු අපතේ හැරීමේ පාප කර්මයට තව දුරටත් ඉඩ නොතබා ඒවා මිලදී ගැනීමටත්, ඊළඟ කන්නයේ වගාව සඳහා අවශ්‍ය දෑ සැපයීමට වහාම විධිමත් සාධාරණ වැඩපිළිවෙලක් සකසන්න. මෙය ගොවි පවුල්වල පමණක් නොව, රටේ ම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි.
7ග අධිරාජ්‍යවාදී වුවමනාවන් සහිත රටවල්වලට ගැතිවෙමින් එන්නත් සපයා ගැනීම රට තව තවත් පරාදීන කරන ක්‍රියාන්විතයන් බවට හා තම දේශපාලන බලය තර කර ගන්නා ක්‍රියාන්විතයක් බවට පත් නොකොට එන්නත් සඳහා වැය කිරීම ප්‍රමුඛතාවයක් බවට පත් කරන්න. එසේම එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර අහෝසි කිරීම සඳහා වන ගෝලීය උද්ඝෝෂණයට රාජ්‍ය ලෙස මැදිහත් වන්න.
දූපතක් වු රටක් මේ වසංගතයෙන් පහසුවෙන් රැක ගැනීමට හැකිව තිබියදී දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් වළක්වා ගත හැකිව තිබු විශාල මරණ ප්‍රමාණයක් වළක්වා නොගැනීිමේ වගකීම පාලකයින්ට ඉතිහාසය තුළ භාර ගැනීමට සිදු වනු ඇත. ඒ නිසා වහාම සියලූ පාර්ශවයන් සම්බන්ධ කර කොවිඩ් හදිසි තත්වය සඳහා ඉහත කරුණු හා අනිකුත් අත්‍යාවශ්‍ය කරුණු ඉටු කිරීමට ක්‍රියා කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. එසේ ම ඒ සඳහා රජයට හැකි සෑම බලපෑමක් ම දේශපාලන වාසි අපේක්ෂාවකින් තොරව සිදු කරන ලෙස මෙරට සියලූ සංවිධාන හා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

ශෙරාඩ් ජයවර්ධන පියතුමා
ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා
ඇන්ටන් ජයනන්ද පියතුමා
කුසුම් කුමාරසිරි පියතුමා
නිශාන්ත ගුණරත්න පියතුමා
එම්. සත්‍යවේල් පියතුමා
අරුණ ශාන්ත නෝනිස්
සුලක්ෂි ගෝමස්
රුකි ප්‍රනාන්දු
රසිකා පීරිස් පැවිදි සොයුරිය
විජිත් රොහාන් ප්‍රනාන්දු
සරත් ඉද්දමල්ගොඩ පියතුමා
ලලින් ප්‍රනාන්දුපුල්ලේ
ජුඩ් ප්‍රේමන්
ඛෙනට් මෙල්ලව පියතුමා
මහින්ද නාමල්
ලාල් ලක්ෂ්මන්
රොෂානි ප්‍රනාන්දු පුල්ලේ
ජූඩ් සමන්ත