නිරායුධ ජනයා මහමඟ මරා දමන , නිත්‍යාණුකුලව මහජන ඡන්දයෙන් පත්වු නියෝජිතයන් සිරගතකරන ම්ලේච්ඡ මියන්මාර හමුදා පාලනයට එරෙහිව ඊයේ දිනයේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවයක් පැවැත්විණි.
එය සංවිධානය කර තිබුනේ මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසිනි.
දේශපාලන පක්ෂ නියෝජතයන් ,සිවිල් සංවිධාන ,වෘත්තිය සමිති,ශිෂ්‍ය සංවිධාන ඇතුල විවිධ සමාජ කණ්ඩායම් රැසක් මෙම විරෝධාතාවයට එක්ව සිටියහ.
විරෝධතාවය අවසන සංදේශයක් බාර දිමට විරෝධතාකරුවන් තානාපති කාර්යාලය විවෘත කර දෙන පොලිසියෙන් ඉල්ලා සිටියද ඔවුන් පවසා සිටියේ අද එහි නිළධාරින් නැති බවය.
ඡායා- අජිත් සෙනවිරත්න