මීගමු අධ්‍යාපන ලොක්කෙක් ටියුෂන් පන්ති වල?

0
72

මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන තනතුරක් දරන පුද්ගලයෙකු මීගමුව ප්‍රෙද්ශයේම පුද්ගලික පන්ති (ටියුෂන් කලාස් ) වලට සහභාගි වන බව වාර්තා වේ. මෙම පුද්ගලයා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂකධූරයක් දරන අතර පුද්ගලික පන්ති පවත්වන ප්‍රධාන ආයතන කීපයක ටියුෂන් සඳහා ද සහභාගී වේ.  මෙය අචාරධාර්මිකව ඉතාම පහත් ක්‍රියාවකි. මන්ද උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්තර සම්බන්ධව කටයුතු කරන අධ්‍යාපන නිලධාරියෙකුට  පුද්ගලික පන්ති වලට සහභාගී වීම සපුරාම විණය විණය විරෝධී වන බැවිනි .
එමෙන්ම අධ්‍යාපන කලාපයේ සේවයේ නිරත වන ගුරුවරුන්,නිලධාරින් පාලනය කරන්නට,මෙහෙයවන්නට සිටින නිලධාරියෙකු අන් අය ඉදිරියේ  තමන්ගේ විණය හොඳින් පවත්වාගත යුතුව තිබියදී මේ ආකාරයේ තම වෘත්තිය තුළ විණය විරෝධී ආකාරයට  ක්‍රියා කිරීම පිළිබදව බොහෝ දෙනෙකු සිය විරෝධය පළකරති. ඒ වාගේම මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තමන් විණය විරෝධීව කටයුතු කරමින් තමන්ට පහළ නිලධාරීන් පාලනය කිරීම හෝ ඔවුන් සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලදී නිවරදිව හැසිරෙවියැයි විශ්වාසය තබන්නේ කෙසේ ද? මීගමුව කලාපයේ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සිදුවන වැඩකටයුතු වලට දේශපාලන අතපෙවීම් මෙන්ම, ආගමික අතපෙවීම් වලදී ද මෙම අධ්‍යක්ෂකවරයා  ස්වාධීනව කටයුතු නොකරන තත්ත්වයක් තිබෙන බව අධ්‍යාපන ක්ෂේත්‍රෙයන් වාර්තා වේ. එසේ ගැතිකම් සිදුවන්නේ මෙම අධ්‍යක්ෂකවරයා තමන්ගේ වෘත්තිය තුළ ද විණය කඩ කරන නිසා බව ඔව්හු පවසති.