මීගමු අයවැය ලංසා පවුලට දිනා දිම සදහා මහසභාවට නොඑන එජාප මන්ත්‍රිවරු කව්ද ????

0
113

UNP-mp-s

( 4.30 pm ) ( දෙවන සංස්කරණය ) ලංකාවේ දූෂිතම මහනගර සභාවේ අයවැය  දෙසැම්බර් 09 වනදාට යෙදි ඇත.මහජන මුදල් පවුලේ බුදලයක් සේ සලකා සිය සහෝදරයාගේ මනාප සටනට වැය කළ නගාරාධිපති දයාන් ලංසා අයවැය දිනයේදි බේරාගැනිමට ඉදිරිපත්ව සිටින අවස්ථාවාදි ජනතා ද්‍රෝහි එජාප මන්ත්‍රිවරුන්  ගැන වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගන්නට ඇත.
මේ වන විට විපක්ෂයේ එජාප මන්ත්‍රිවරුන් රැසක් පෙරට එමින් ලංසා පවුල් පාලනයට එරෙහිව පෙළ ගැසෙමින් සිටිති.
පසුගිය මහසභාවේදි මෙය කදිමට කැපි පෙනුණි.
එජාප නාගරික මන්ත්‍රි කැලිසන් ජයකොඩි දයාන් ලංසා විසින් ගෙන එන්නට යන අයවැය නිති විරෝධි යැයි කිවේය.
එය පිළිනොගනිමින් කැලිසන් ජයකොඩිට සුපුරුදු චණ්ඩි පාට් දැමිමට ගිය නගරාධිපති දයාන් ලංසාට කට උත්තර නැතිවෙන්නම පළාත් පාලන අයවැය නිති රිති මෙන්ම සම්ප්‍රදායන් ගැනද පාඩම් කියා දි තිබුනේ නාගරික  මන්ත්‍රි කපිල නන්දසුලෝදන විසිනි.
එමෙන්ම එජාප නාගරික මන්ත්‍රි නිව්මන් ප්‍රනාන්දුද නගරාධිපතිගේ පට්ට හොරකමක් ගැන මුණටම  කරුණු කියා සිටියේය.

ඒ මහසභාවේවත් නිසි අනුමැතියක් ලබා නොගෙන ගිය වසරේ ඉදිකරන්නට යෙදුන ගොඩනැගිල්ලකට මුදල් අනුමැතිය පසුගිය මහසභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.
එමෙන් තරුණ එජාප නාගරික මන්ත්‍රිවරයෙකු වන චාමර නගරාධිපතිගේ තවත් මගඩි යෝජනාවකට එරෙහිව තිබුණි.
මේ ආකාරයෙන් විපක්ෂය පෙළගැසෙමින් සිටියදි නගරාධිපති දයාන් ලංසාව බේරාගැනිමට එජාපයේ නඩයක් ඉදිරිපත් සිටි.
මේ පිරිස දෙසැම්බර් 09 වනදාට යෙදෙන  අයවැයට  නොපැමිණිමට සැලසුම් කොට ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

නාගරික මන්ත්‍රි මාක් සුජිත් – අහිංසක පවුලක් අනාථ කරමින් ඒ පවුලේ ස්වාමිපුරුෂයා කපා කොටා ඝාතනය කිරිම පිළිබදව සැකකරුවෙකි . ඔහු එදිනට නොපැමිණෙන බව ට හේතු ලෙසින් පසුගියදා මිගමු සමගි බලවේගයේ සංවිධායක කාවින්ද ජවයවර්ධන ඉදිරියේ කියා තිබුනේ මිනිමැරුම් නඩුව එදාට යෙදි ඇති බවය.
මේ කොරෝනා සමයේ සහ උසාවි නිඩාඩු සමයේ නඩු කටයුතු සිදුවන අන්දම ගැනත් දැන් බොහෝ  දෙනා දනි. ඒ අනුව මාක් සුජිත්ට එදිනට නඩුවට සහභාගි නොවි මහසභාවට පැමිණිමට  ඕනැ තරම් නිතිමය ප්‍රතිපාදන තිබේ.
කාවින්ද ඉදිරියේ පැවැති රැස්විමකදි එසේ කියා සිටි මාක් සුජිත් රැස්විම අවසන්ව එලියට පැමිණි පසු සිය කියා තිබුනේ මේ අයවැය පරාජය කොට දැනට ලැබෙන වාසි නැතිකරගන්නට කැමති නැති බවය.

කට්ටුව ප්‍රදේශයේ දිල්සිරි නැමැත්තාට ඝාතනය කිරිම පිළිබද නාගරික මන්ත්‍රි මාක් සුජිත් එරෙහිව මිනිමරුම් නඩුවත් තිබේ
කට්ටුව ප්‍රදේශයේ දිල්සිරි යන අයව  ඝාතනය කිරිම පිළිබද නාගරික මන්ත්‍රි මාක් සුජිත්ට  එරෙහිව මිනිමරුම් නඩුවක්  පවති.

 

හිර ගෙදර සිට මහසභාවට
හිර ගෙදර සිට මහසභාවට

නාගරික මන්ත්‍රි නස්මියාර් – තවත් ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකි. එහෙත් සැබැවින්ම පතෝල වැනිය . ගුණත් නැත අගුණත් නැත. මේ දිනවල මුස්ලිම් සමාජයේ බරපතල ප්‍රශ්ණයක් ලෙසින් මතුව  ඇති කොරෝනා මරණ ආදාහනය කිරිමට එරෙහිව මුස්ලිම් සමාජය තුලත් එ අය අතර හුවමාරු වන වට්ස්ඇප හරහාත් සයිබර් චණ්ඩියෙකුගේ ගානට වැටි ඇති මොහු පලමු කොරෝනා රැල්ල සමයේ මිගමුවේදි මිය ගිය මුස්ලිම් ජාතිකයෙකුගේ දේහය සියලු දෙනා මුලා කොට හොර රහසේ වළදැමිමට නගරාධිපති දයාන් ලංසා කටයුතු කර තිබියදි මහසභාවකට පැමිණ ඒ ගැන වචනයක හෝ කථා නොකර නිකමෙකු ලෙස සිටිය අයුරු ගැන මුස්ලිම් සමාජය ඉතා හොදින් දනි.
නස්මියාර් යනු එවැනි දවල් මිගෙල් රැ දනියෙල් කෙනෙකු බව අප අමුතුවෙන් මෙහි ලිවි යුුතු නැත්තේ ඔහු  තරම ගැන සමස්ත මුස්ලිම් සමාජයම ඉතා හොදින් දන්නා බැවිනි.
මේ අනුව එජාප නාගරික මන්ත්‍රි නස්මියාර් මුස්ලිම් ජනයාට එරෙහිව ගිය දයාන් ලංසා ව බේරාගැනිමට දෙසැම්බර් 09 වෙනිදා මහසභාවට නොපැමිණෙන බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

නාගරික මන්ත්‍රි  ගෝමස් – ඒත්තුකාල නියෝජනය කරන හෝටල් කෂේත්‍රයේ වැදගත් ටයි කෝට් මහත්තයෙකු වන ගොමස් නැමැති නාගරික මන්ත්‍රිවරයාද  තමන්ට දයාන් ලංසාගෙන් ලබෙන වරප්‍රසාද නිසා තමන්ව තෝරාපත් කළ ජනතාවට පස්ස පැත්ත පෙන්වා එදින රැස්විමට නොපැමිණිමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාවයක් පවති.
මේ සැකය මතුව ඇත්තේ ඔහු විසින් මෙවර අයවැය පැරදිමට මැදිහත්වන බව ඇගවෙන ප්‍රතිචාරයක් අනෙක් සහෝදර මන්ත්‍රිවරුන් හට ලබා දි නොතිබුන පසුබිමකය.
ඒ නිසාම වැඩි ඉඩක් ඇත්තේ රැස්විම මගහැරිමටය
මිට පෙර තවත් තිරාණාත්මක අවස්ථාවකදි ( නගරාධිපති තෝරාගැනිමේ පළමු රැස්විම වැනි ) ඔහු මගහැර තිබුනේ අසනිපයක් ගැන  කියමිනි.

මාධ්‍ය මගින් මේවා හෙළිදරව් වනවාට අකමැති ගෝමස් නාගරික මන්ත්‍රිවරයාට  ඒ් ගැන ලැජ්ජාවක් ඇතිවන්නේ රාත්‍රි කාලයේ සම්පායම් වු විටය..
තමන් පත්කළ ඒ කොට්ටාශයේ ජනතාව පොහොට්ටුවට මෙන්ම ලංසා පවුලටද අකමැති නිසා තමන්ව පත්කරගැනිම ගැන  ගොමස්ලා වැනි අයට හොද සිහියෙන් සිටින විට අමතක වන්නේ ඇයිදැයි යන්නද ප්‍රශ්ණයකි

එබැවින් ටයි කෝට් ඇද ඉංග්‍රිසියෙන් කථා කළද ජනතාවට  එරෙහි වන්නේ නම් එවැනි මහත්තුරුන්ගේ සෑබෑ තත්වය හෙළිකිරිම සෑබෑ මාධ්‍යයක ප්‍රධාන වගකිමක් සේ අප දකිමු.
අපට කිසිවෙකු සමගින් වත් පුද්ගලික අමනාප කම් නොමැති බවද මෙහිලා ඉතාමත් වගකිමෙන් කිව යුතුව තිබේ
මෙය පළකළ පසුද මේ ගොමස් මන්ත්‍රිවරයා අනිවාර්යෙන්ම අපට කථා කොට නාහින් අඩනු ඇත.

කරන්නට ඇත්තේ සරල දෙයකි.

ගෝමස් මන්ත්‍රිවරයා ජනවරමක් දුන්න ජනතාව වෙනුවෙන් පෙනි සිටිමින් දෙසැම්බර් 09 වෙනිදාට මහත්මයෙකු ලෙස පැමිණ මිගමුුවේ අයවැය පරාජය කිරිම සදහා විපක්ෂයේ අනෙකුත් සහෝදර මන්ත්‍රිවරුන් හා එක්විමය.
ඔහු එසේ කළ යුතුව ඇත්තේ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයද මෙවර අයවැය පරාජය කළ යුතුයැයි තින්දු ගෙන තිබෙන පසුබිමකදිය.
තමන්ගේ පක්ෂයද එසේ කියන්නේ නම් තමන් ව පත්කළ ජනතවාගේ පැතුමද එය නම් එයට එරෙහිව යා හැක්කේ කාටද ? ඒ ඇයි ? කාව සතුටු කිරිමටද ?

නාගරික මන්ත්‍රි පියුමි – මේ මන්ත්‍රිවරයාටද  මේ දිනවල එජාප අයෙකු යැයි කිව හැක්කේ නමට පමණි. හැම දිනකම උදේ නගරාධිපතිගේ පාළු කපන්නට නගරාධිපතිගේ කාර්යාලයට  පැමිණ ඔහුව අස්වලන්නට කටයුතු කිරිම ගැන එහි සේවකයන්ට පවා ඇත්තේ ලැජ්ජාවකි.
පසුගිය දිනක රු 5000 හේ සහන දිමනාවට අදාලව වංචාවක් සිදුකර තිබිම ගැන කිසියම් විවේචනයක් මොහුට එරෙහිව ඉදිරිපත්ව ඇතැයිස වාර්තා වේ
අයවැයට එරෙහිව  රටපුරා විරුද්ධ විය යුතුයැයි කියා සිටින සමගි ජන බලවේගය නියෝජනය මන්ත්‍රිවරයකෙුගේ කාර්ය මණඩල  සාමාජිකයෙකු ලෙසින් මාසිකව තවත් වැටුපක්ද පියුමි නම් වු මේ නාගරික මන්ත්‍රිවරයාට හිමිවන බවද  සැලය.
මෙවන්  පුද්ගලයන්ට නාමයෝජනා දුන් එජාප සංවිධායක රොයිස් විජිත ගැනද අපට ඇත්තේ බරපතල විවේචනයකි. ඒ මෙවැනි උපන් ගෙයි ජනතා ද්‍රෝහින්ව නාගරික මන්ත්‍රිවරයෙකු පත්කරලිමට පසුබිම සකසා දි තිබිම නිසාය

නාගරික මන්ත්‍රි ගිහාන් බෙන්ජමින්  – රනිල් වික්‍රමසිංහගේ පැත්තට සිග්නල් දමා ලංසා පවුල පැත්තට අයවැය දවසේ හරවන්නට නියමිත තවත් අයෙකු විය හැකිය.
ඔහුද එදාට මහාසභාවට නොඑවන තවත්  අයෙකු බව දැනටමත් සැක පහල වෙමින් තිබේ.
වඩාත් හිනායන කරුණ වන්නේ පසුගිය මහාමැතිවරණයට  එජාපය  නියෝජනය කරමින් මිගමුවෙන්  ඡන්දය ඉල්ලා තිබුනේ ද මොහු විම නිසාය
නගරාධිපති දයාන් ලංසා ගිහාන් ප්‍රනාන්දුගේ ඥාතියෙකුට අයත් සමිතියකට පසුගිය කාලය තුල පාරවල් කිපයක කොන්ත්‍රාත් ලබා දි තිබුන බවද දැන් මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.
පාරවල් කොන්ත්‍රාත්වලට මෙන්ම කාණුවලට මිගමුවේ කළහැකි දේ බොහෝ බව තවත් හොදින් පෙනි යනු ඇත්තේ එළඹෙන දෙසැම්බර් 09 වනදාටය

නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද – සජිත් ප්‍රේමදාස අයවැයට විරුද්ධව ඡන්දය දෙන ලෙස කිවද තමන් ඉන්නේ ලංසා පවුලේ පැත්තේ බව නොකියා කියන රවි ජිවාන්ද ඉතිහාසය පුරා යැපුනේ නිමල් ලංසාගෙන් බවට වන ප්‍රසිද්ධ කථා රැසකි.ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මිගමුව මහනගර සභාවේ විපක්ෂනායකවරයා හැටියට කටයුතු කළ අයෙකුට මේසා විශාලක අති දුෂිත නගරාධිපතිවරයෙකු බේරාගැනිමට උවමනාවක් ඇතිව තිබෙන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මෙවැනි අය ගැන ඔහු නියෝජනය කරන කොට්ටාශයේ ජනතාවම නිසි තින්දුගත යුතුව තිබේ.

නාගරික මන්ත්‍රි සජිත් මොහාන් – දමිල ජනයාගෙන් විශාල මනාප ප්‍රමාණයක් ගෙන පළමුව මහනගර සභාවට තේරිපත්වු සජිත් මොහාන් පසුගිය කාලය පුරාවටම හදවතින්ම පෙනි සිටියේ  දමිළ ජනයාට එරෙහිව පොහොට්ටුවට සහ එහි මිගමුව එජන්තයන් වන ලංසා පවුලටය.
මේ වෙනුවෙන්  ඔහුට වසර ගණනාවක් පුරාවමට නිමල් ලංසාගෙන් පාසැල් පොත් ටෙන්ඩරයද ලැබි තිබුණි.
දයාන් ලංසාගේ සැක සංකා නැතිකිරිම සදහා සැමදිනකම උදේවරුවේ නගරාධිපතිගේ තනි රකින්නට ඉදිරිපත්ව සිටින ප්‍රධාන එජාප මන්ත්‍රිවරයෙකු ලෙසින් ඔහු මුළු මහනගර සභාව පුරාම ප්‍රසිද්ධය
නගර සභාව තුල ඔහු ප්‍රසිද්ධ තවත් කාරණා ඇති බවද ඊටත් වඩා දැන් ප්‍රසිද්ධය.
කෙසේ වෙතත් දෙමල ජනයාගේ අභිලාෂයන් එහෙම පිටින්ම පාගා දමා ලංසා පවුලට තනි රකින සජිත් මොහාන්ද අයවැය දිනයේ මිසින් විමට නියමිත තවත් අයෙකු යැයි වාර්තා වේ

මේ අතර රොයිස් විජිතගේ පිහිටෙන් නාගරික මන්ත්‍රිවරයෙකු වු බෝලවලාන කොට්ටාශයේ මනොජ් නැමැත්තාද මෙවර අයවැය දිනයේදි මහසභාවට පැමිණේද යන්න ගැන සැකයක් පවතින බවට දැනටමත් රාවයක් පැතිර යමින් තිබේ.

අයවැය  පරදි යැයි මිගමුවේ ලංසා පවුලට සාධාරණ බියක් ඇතිව තිබේ. ඉන් අවුල්ව සිටින නගරාධිපතිවරයාව දිනපතා උදේ වරුවේ සනසාලන්නේ ඉහත නම් සදහන් කර ඇති මන්ත්‍රිවරු කිපදෙනෙකි.
ඉහත සියළු දෙනා දෙසැම්බර් 09 වනදාට අයවැය ඡන්ද විමසිමට මහසභාවට ඒමට ඇති ඉඩ කඩ ගැන දැන් මතුව ඇත්තේ බරපතල සැකයකි.
තමන්ව පත්කළ ජනතාවට ලංසා පවුලට වඩා ආදරේ නම් දෙසැම්බර් 09 වනදාට මහසභාවට පැමිණ අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කර තමන්ගේ කව්දැයි යළිත් වරක් සිය ඡන්දදායකයන්ට පෙන්වන ලෙස අප අභියෝගක කරසිටිමු මන්ද ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේද තිරණය මිගමුවේ අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කරන ලෙස විමය

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here