පසුගිය දිනවල මීගමු කලපු දූපත්වල දිවියන් තිදෙනෙකු සැරිසරන බවට ආරංචියක් ලැබිණ . මීට පෙර ගුරුගේ ව්‍යාපාරිකයා විසින් මෙම දූපතට වඳුරන් ගෙනැවිත් දැමූ පුවත ප්‍රසිද්ධ රහසකි . මේ අනුව දැන් දූපත් වලට ගෙනගොස් දමා ඇති දිවියන් නිසා මෙම දූපත් වල ප්‍රශ්ණ රාසියක් මතුවී ඇත . මෙම දිවියන් දුටු අයෙක් ප්‍රකාශකළේ මෙම දිවියන් බල්ලෙක් හපමින් සිටින ආකාරය දුටු බවය.
මෙම දූපත් වල කටුස්සකු හැරෙන්නට වෙනත් කිසිදු සතෙකු එකල නොසිටි බව බර්ටි මහතා අප සමඟ පැවසීය .ඇතැමුන් සිය ව්‍යාපාරික අරමුණ වෙනුවෙන් අහිංසක සතුන්ගේ ජීවිත සමඟ කරන මෙම සෙල්ලම නතර කරන ලෙස ධීවරයින් පවා අවධාරණය කරති.
තමන්ගේ පටු අරමුණු සඳහා මෙවැනි පහත් වැඩ යොදාගැනීම මෙම දූපත් ආශ්‍රිතව නිතර සිදුවේ. එය ධීවර ජනතාවට නොදැනෙන සේ සැලසුම් කිරීමට මේ සඳහා මැදිහත් වන අය සමත්වී ඇත . මේ ගැන ධීවර ජනතාව ඉමහත් කැලඹීමකට පත්වී ඇති අතර ධීවර නායකයෙකු වන බර්ටි මහතා මේගැන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්, මීගමුව පොලීසියටත් දැනුම් දුන් නමුත් කිසි වෙකු තවමත් මේ ගැන විමසා බැලීමට පැමිණ නැතැයි ධීවරයින් පවසයි .