මීගමු කලපු ව්‍යාපෘතිය කොයිබටද? කා වෙනුවෙන්ද?

0
508

lagoon digging2

????????????????????????????????????

12.50 (දෙවන සංස්කරණය)මිගමු   කලපුව  සංවර්ධනය  කිරීම  උදෙසා   ධීවර  අමාත්‍යංශයේ   මෙහෙයවීමෙන්  යෝජිත  ව්‍යාපෘතියේ  ප්‍රධාන  කටයුත්තක්  ලෙස  කලපුව  හාරන  ආකාරය  ගැන  විවිධ  අය  විවිධ දේවල්  කථාකරනු  පෙනේ.  මේ  පිළිබඳව  ධීවර  ජනතාවගේ  අදහස   ලෙස  ඉදිරිපත්  වන්නේ   අදාල  තැන්  පිරිසිදු  කර  කුණු   ඉවත්  කිරීම  වරදක්  නැති  නමුත්   සමහර  තැන්  විශාල  වශයෙන්  හාරා  පස්  ගැනීම   විනාශකාරී  කටයුත්තක්  බවයි.

මේ පිළිබදව අපි  ප්‍රාදේශීය  ළේකම් තුමාගෙන්   විමසු  අතර  මෙම  ව්‍යාපෘතිය  ධීවර අමාත්‍යංශයේ  මෙහෙයවීමෙන්   සිදුවන්නක්  බැවින්  මීගමු  ධීවර  කාර්්‍යාලයෙන්  සියළු  විස්තර  දැනගත  හැකි බව ඔහු පවසන ලදී.
ඉන් අනතුරුව    ධීවර  කාර්්‍යාලයේ   සහකාර  අධ්‍යක්ෂක  බන්ඩාර  මහතා ගෙන්  මේ  ගැන  විමසා  සිටියෙමු.
” කලපුව  දූෂණය  වෙලා.  ලොකු  බෝට්ටු  අදින්න  අපහසුයි, ඒනිසා  යෝජිත  ව්‍යාපෘතියට   සම්බන්ධ  කරගනිමින්  කලපුව  හෑරීමේ  කටයුතු  සිදුවෙනවා. මේ  සියල්ල  තීරණය  කරන්නේ   කලපු  සංවර්ධන  කමිටුව  හරහායි.” මෙම  පස්    මුලින්  නගර  සභාවේ  භූමියට  ගෙනගොස්  දැමූවා.  ඉදිරියේදී  මේ  සඳහා   තැනක්   සොයා ගත  යුතුයි.
වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ  මීගමු  ශාඛාවේ  ඉංජිනේරු  මහතා
ප්‍රකාශ කළේ   මේසම්බන්ධව   කටයුතු  මෙහෙයවන්නේ  ධීවර  දෙපාර්තමේන්තුවෙන්  බවත්  අදාල  බලපත්‍රය  එම  දෙපාර්තමේන්තුවට  ලබාදී  ඇති  බවත්ය. මේ  අනුව  අදාල  ප්‍රශ්ණ  දෙකක්   වූයේ  කලපුව  කොතරම්  ගැඹුරකින්  හාරන්නේද  යන්න  සහ  එම  පස්  වලට  කුමක්  කරන්නේද?  යන්නයි. කලපුව  හෑරීම  සිදුවන්නේ   ඒඒ  තැන්වලට  අදාලව  බවත්,උදාහරණයක්  ලෙස   බෝට්ටු   ගමන් කරන  ඇල  මාර්ගය   වැඩියෙන්  හාරන  නමුත්  ඉන්  එහා  අවට ප්‍රදේශය  එසේ  නොකරන  බවත්,   හාරන  පස්   පමුණුගම , සහකඩොල්කැලේ  යන  ස්ථාන  දෙකට  දමා  ඒවා  අදාල  ස්ථාන  පිරවීමට  යොදාගන්නා  බවත්  පැහැදිළි කරන ලදී.  එසේම  මෙම  ව්‍යාපෘතියේ  කටයුතු  වසරකින්   අවසන්  විය යුතුව  ඇතැයි  ඔහු  තවදුරටත්  පැවසීය.

ධීවරයින්    ප්‍රකාශ  කරන්නේ  කොතලාවල  පාලම  අසල  කරන  මෙම  පස්  හෑරීම  සුදුසු  ක්‍රීයාවක්  නොවන  බවයි. සුනාමි  අවස්ථාවේ  මුන්නක්කරය  ප්‍රදේශය  ආරක්ෂාවීමට  ප්‍රධාන  හේතුවක්  වූයේ  මෙම  පස්  කන්ද  බවයි.  මේ පිළිබඳව  අදහස්  දක්වන  එක්සත්  ධීවර  සමීතියේ  සභාපති  අරුණ   මහතා  ප්‍රකාශ  කළේ   මොවුන්  කලපුව  හෑරීම  සඳහා ඉදිරිපත්  කරන  තර්ක   පුහු ඒවා  බවයි.

මන්ද  බෝට්ටු   ගමන්කිරීම උදෙසා  ඇල  මාර්ගයක්    හැදීම   අවශ්‍යතාවක් වුවත් කලපුව මේ තරම් ගැඹුරින් හෑරිය යුතුද  යන්න ඔහු පෙන්වා දෙයි.  කුණු  සුද්ධ කිරීමට  නම්  අසීමිත  ලෙස  කලපුව  ගැඹුරු  කරන්නේ  ඇයි ද යන්නත් මතස්‍යයින්ගේ   බෝවීම    සහ ඒ සඳහා  අදාල  පරිසරය  නිර්මාණය  වන්නේ  නොගැඹුරු  කොටස්වල  බව ත්  මේ  නිලධාරීන් දැනගත යුතු බවත්   අරුණ මහතා  අවධාරණය කරයි. එසේම  අදාල  නිලධාරීන්    එකිනෙකාට  වගකීමේ  බෝලය  පාස්කරමින්  කරන  මේ  සෙල්ලම  නිසා  ස්වභාවිකව පිහිටාඇති  තෙත්බිමක්  විනාශ වීම  නොවැලැක්විය හැකි   බවත්  පැහැදිළි  කරයි.
කලපු සම්පත් ආරක්ෂා වන ආකාරයට කලපුව හෑරීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක්   තිබිය යුතු බවට ධීවර ප්‍රජාවගෙන් දීර්ඝ කාලයක් පුරා යෝජනා වන අතර  මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ  අවධානය යොමුවිය යුතුය.