මීගමු කලපු සටන ජයගත්තේ නිල පල්ලිය සටනින් අයින් කළ නිසාද?

0
157

18th_day_protest_-_1711Fishermen protestNGb fihs protest 3NGB protest 5ශ්‍රි ලංකාවේ කතෝලික පල්ලියට ඇත්තේ සටන් පාවා දිම පිළිබදව දිර්ඝ ඉතිහාසයකි.මෙය ඉතා හොදින් තේරුම් ගත් මීගමුවේ සමාජ කණ්ඩායම් කිපයක් මීගමුව කලපුවෙන් සි ප්ලෙන් ව්‍යාපෘතිය ඉවත් කිරිම සදහා ගෙන ගිය නොනවතින අරගලයේදි කතෝලික පල්ලිය දැනුවත්වම පැත්තකින් තැබුවේය.
මීගමුවේ කිතුණු පියවරුන් පිරිසක් මේ අරගලයේ පෙරමුණේම සිටියද ඒ අය නිල පල්ලියේ හොරණෑකරුවන් නොවුහ.
කලපු සටනේ තිරාණාත්මක මැදිහත්විම ආරම්භ කරන ලද්දේ මීගමුව ධිවර කාන්තාවන් විසිනි.
ඔවුන් ගමින් ගම ගොස් ඇතිවිමට නියමිත අර්බුදය ගැන ජනතාව දැනුවත් කළෝය.
මේ ඔස්සේ මීගමුවේ සියළු ප්‍රගතිශිලි කණ්ඩායම් එක් පෙරමුණකට එමින් දැවැන්ත විරෝධතාවක් දියත් කළහ.
මීගමුව කලපුවට පමණක් නොව ලංකා ධිවර සටන් ඉතිහාසයේ එක් විශේෂිත මොහොතක් 2010 නොවැ 17 වෙනිදා උදාවෙමින් තිබිණ.
සිය ගණනක් වු සිය යාත්‍රා රැගෙන ධිවරයන් පවුල් පිටින් මීගමුව කලපුවට අවතිර්ණ වුහ.
සටන දියත් විය.
නාවික හමුදාව ධිවරයන් බිය ගන්වමින් ස්වයංක්‍රිය ආයුධ පෙන්වමින් බෝට්ටු වලින් කලපුවේ වැඩ දැමුහ.
ධිවරයන් මේ කිසිවකටත් බියනොවෙමින් සටන අත්නොහැර දිගටම ගෙන යද්දි තිරණාත්මක දුරකථන ඇමතුමක් ලැබුනේ ආරක්ෂක ඇමති ගොඨාභය රාජපක්ෂගෙනි.
ඒ ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමන් වෙතය.
ඉන් කියැවුනේ ධිවරයන්ද සමගින් පසුනොබසින්නේ නම් නිතිය ක්‍රියාත්මක කරන බවය. ඒ නොකියා කිව්වේ වෙඩි තබන බවය.
ඒ අභියෝගයට පිළිතුරු සෙවිමට යළිත් කලපුවේ මැදදිම සංවාදයක යෙදුන සියළු කොටස් ඊළඟ උපක්‍රමයන් සැලසුම් කළෝය.
හලාවත කොළඹ මාර්ගය අවහිර කරමින් සටන කලපුවෙන් මහමගට පැමිණෙන්නේ මේ දෙවන සැලැස්මේ කොටසක් ලෙසය.
පැය ගාණක් පුරා සටන අත්නොහැර එකාවන්ව සිටි ධිවරයන්ව කකුලෙන් අදින්නට එදා නිල කතෝලික පල්ලියට නොහැකි විය.
ඒ කිසිවෙකුත් ඒ අහල පහලකවත් නොසිටි නිසාය.
මේ නිසාම රාත්‍රිය එළඹෙමින් තිබියදි මීගමුව කලපුවෙන් සි ප්ලේන් ධාවන පථය සකසමින් තිබුන සියළු යන්ත්‍ර ඉවත් කරගැනිමට ධිවරයෝ සමත් වුහ.
නිල පල්ලිය නොවුන නිසා ආණ්ඩුවට ඩිල් එකක් දමා ගැනිමට ඉඩක් තිබුනේ නැත.