මීගමු දේශපාලන පවුලක පුද්ගලික හුටපටයකට නීතිය නැමු පොලීසියක් ???

0
87

මීගමුව නගරාධිපති දයාන් ලංසාගේ දියණිය සිය පෙම්වතා සමඟින් දැන් විවාහ ගිවිස ගෙන හමාරය. ඒ පිළබඳව උඩදමා පුවත් මවන්නට අපට අවශ්‍ය නොවුනේ එය කාගේ වුවද තරුණ වයසේ දරුවන් සම්බන්ධයෙන් වු අතිශය පුද්ගලික කරුණක් හා එය බැදි තිබුන නිසාය.

කෙසේ වෙතත් මේ පිලිබඳව අප ලියන්නට පටන්ගන්නේ දේශපාලන පවුලක පුද්ගලික හුටපටයක් වෙනුවෙන් මිගමුවේ පොලිස් ප්‍රධානින් ගිය දුර නිසාවෙනි.
ඒ වෙනුවෙන් පොලිසි කියක් ⁣නම් යොදවන්නට මේ ප්‍රධානින් ක්‍රියාකර තිබුනේද යන්න ගැන රටම දැනගතයුතුව ඇති බැවින් මේ කුප්‍රකට මෙහෙයුම ගැන සටහන් කළ යුතුව තිබේ.

විවාහ ගිවිස ගැනිමට නිසි වයසේ පසුවු තරුණ යුවලකගේ විවාහයට අත්සන් කළ අයටද විවිධ හිරිහැර එල්ල වන්නේ ධනය බලය යන සියල්ලේ බලමහිමය නිසාය.
රටක නීතියක් ඇත.
වත්මන් රජය බලයට පත්විමෙන් පසු ”එක රටක් එක නීතියක්” යන්න උඩ දමමින් තොරම්බල් කළද සැබැවින්ම රටේ බොහෝ කාරණාවලදි මෙන්ම මිගමුවේදිද පොලිසියේ ලොකුමහත්තුරුන් සියල්ලෝ එක්ව ”එක රටක් නීති ගොඩක් පුතා” යැයි ඉතා ඉහලින්ම දැන් ඔප්පු කර හමාරය.|

මිගමුවේ මේ සිදුවිම පොලිස් ඇමතිට මෙන්ම පොලිස් ප්‍රධානින්ටත් දරුණු හිසරදයක් වෙන තරමට සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම කිසියම් නින්දාසහගත තත්වයකට පත්කර තිබේ

මෙම විවාහයේදි සාක්ෂියට අත්සන් කළ ලංසාගේ බෑනාගේ පාර්ශවයේ සහෝදරියගේ නිවසට පොලිස් කතාද කියමින් ගොස් ඇතැයි කියන මැර පිරිස් ඒ පවුලේ අයට එල්ලකර ඇති පිඩනය අතිභායනකය.
විවාහයට අත්සන් කර තිබුණ සොහොයුරියට ජිවිතආරක්ෂාව පතා සැගව සිටිමට පවා සිදුව තිබුණි.
එපමණක් නොව CID කතා කියා ගත් මැරයන් මේ පවුලේ සමාජිකයන්ව නිවාස අඩස්සියකට පත්කර තබා ගත්තා සේ කටයුතු කර තිබුණ බවද වාර්තා විය

මේ මැරයන්ට එසේ හැසිරෙන්නට ලයිසන් ලැබුනේ කෙසේද ? පොලිස් කලාපයේ පොලිස් ප්‍රධානින් මේ ගැන කියන්නේ කුමක්ද ?

රට ආනාරක්ෂිත යැයි කියා ආරක්ෂිත රටක් ස්ථාපිත කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව හමුවේ පොරොන්දු දි තිබියදි තරුණ යුවලකගේ විවාහ සාක්ෂියට අත්සන් කළ නිසා ජිවිතආරක්ෂාව පතා කැලෑ වදින්නට කාට හෝ සිදුවන්නේ නම් දිවුලපිටියේ පොලිස් ප්‍රධානින් සැබැවින්ම ලැජ්ජාවට පත්විය යුතුය.

ඇත්ත කරුණ නම් දිවුලපිටියේ පමණක් නොව කටාන පොලිසියටද මෙන්ම සීදූව පොලිසියටද පසුගිය 8 වෙනිදා සිට තිබුන ප්‍රධානතම රාජකාරියක් වි තිබුානේ දායාන් ලංසාගේ දියණිය සොයා මෙහෙයුම් සිදුකිරිම පමණක් දොයි හිතෙන තරමට කටයුතු අදාල මෙහෙයුම් දුරදිගගොස් තිබුණි.

එපමණක් නොව මේ මෙහෙයුමට සම්බන්ධව සිටි මිගමුවේ පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරියෙකු ගැන මෙන්ම කටානට සම්බන්ධ තවත් අයෙකුගේ හැසිරිම ගැනද දැන් දැනඋගත් සමාජය තුල මෙන්ම සාමාන්‍ය ජනයා අතරද කථාබහක් නිර්මාණය වි තිබේ.
මේ ඇතැමුන්ගේ ඉතිහාසමය කෙරුවාල් ගැන අපටද අත්දැකිම් තිබේ.
මේ අයට ලංසා පවුල යනු සිය හාම්පුතාලා වැනිය.
පොලිස් දෙපාර්තමේන්තුව වැටි ඇත්තේ දෙවෙනි තැනටය

සාමාන්‍ය පවුලක කෙනෙකු වු ඕෂද නම් වු දයාන් ලංසා බැණනුවන් ගැන හොයන්නට පොලිසිය කටයුතු කර තිබුනේ සිදුව ප්‍රදේශයේ තරුණියකගේ චේන් කථාවක්ද පටලවා එලියට දමමිනි.
ඒ සීදූව ප්‍රදේශයේ තරුණියකගේ රන් මාලයක් යළිත් ඇයවෙත ලබාදිම පමා විම නිසා විශ්වාසය කඩව ඇතැයි කියා කඩිමුඩියේ පොලිස් පැමිනිලි පොතේ සටහනක් තබන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය විය.
ඒ දේශපාලන පවුලේ දියණිය ආගිය අතක් නැති බව වාර්තා වු පෙබරවාරි 8 වෙනිදායින් පසුව විමද මෙහිදි සටහන් කළ යුතුම විශේෂ කරුණකි.
ඒ අනුව මිගමුවේ පොලිස් ප්‍රධානින් මේ තරුණියගේ පැමිණිල්ලට අනුව චේන් එක සොයා පොලිසි 4 ක් ම මෙහෙයුමේ යොදවා තිබුන බව පැහැදිලිය.

කෙසේ හෝ චේන් පැමිනිල්ල ඉස්සරහට දමාගෙන ක්‍රියාත්මක වු පොලිසිය මේ තරුණ යුවලව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයට පසුගිය 13 වනදා රාත්‍රියේ ගෙන ඒමෙන් පසු දයාන් ලංසාගේ දියණියව නිවසට රැගෙන ගොස් ඇති අතර ඇගේ නිත්‍යාණුකූල සැමියාව තවදුරටත් මිගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ රදවා තබාගෙන පෙරේදා ( 15 ) දිනයේ උසාවියට ඉදිරිපත් කර තිබේ.

ඕෂද විසින් අදාල චේන් එක උසාවියේදි ලබාදිමෙන් පසුව විශ්වාසය කඩකලා යැයි පොලිසියට ලැබි තිබුණ පැමිනිල්ලට අදාල කරුණු නිමාවි ඇප ලැබි තිබුණි.තවත් පැමිනිලි පටලවන්නට විවිධ උත්සාහ ගෙන තිබුණ බවද මේ අතර වාර්තා විය.කෙසේ වෙතත් මිගමුව මහේස්‍රාත් අධිකරණයෙන් ශරිර ඇප මත දයාන් ලංසාගේ බැණනුවන් මුදාහැර තිබුණි.
එහෙත් දැන් විවාහ ගිවිස ගත් දෙදෙනා දෙපලකය.

කල වයස නිසි ලෙස පිරුණු යුවලක් නිත්‍යාණුකුල ලෙසින් විවාහ ගිවිස ගෙන තිබියදි පොලිසියේද පුර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදය මත දැන් අලුත් යුවල වෙන්කර දමා තිබේ.
එසේ කරන්නේ කොයි නිතිය යටතේදැයි නිතිය ගැන එතරම් අවබෝධයක් නැති සමාන්‍ය ජනයා පවා ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කරමින් සිටිති.

මේ සමස්ථ මෙහෙයුම තුල මිගමුව පොලිස් කොට්ටාශයේ පොලිස් ප්‍රධානින් කටයුතු කර ඇති ආකාරය රටේ ඉහලම තැන්වලට පවා මේ වනවිටත් කරුණු සහිතව තොරුතුරු වාර්තා වි තිබෙන්නට පුලුවන.

මෙහිලා සටහන් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් ප්‍රධානින්ගේ උවමනාවන් වෙනුවෙන් නිතියේ සිමාවේ ඉරපැණ කටයුතු කර කරන්නට මිගමු පොලිසියේ ඇතැම් නිළධාරින් හට පසුගිය කාලය තුල මානව හිමිකම් වෙනුවෙන් පුද්ගලිකවම රස්සියාදු වි අතේ සල්ලි වියදම් කරමින් නඩු කියන්නට වු සිදුවිම්ද එමටය.
දළුපත සුදත් නම් පුද්ගලයා සම්බන්ධ සිදුවිම මෙයට කදිමම නිදසුනයි.


එවැනි පසුබිමක දේශබන්දු තෙන්නකෝන්ලා වැනි පොලිසියේ උසස් නිලධාරින් පොලිසිය මතට පතිතව ඇති මේ තඩි කලු පැල්ම ගැන කටයුතු කරන්නේ කෙසේදැයි වගකිව යුතු බොහෝ පිරිස් ඉතාමත් අවධානයෙන් යුතුව බලාගෙන සිටින බවද මෙහිලා සටහන් කළයුතුව ඇත

දරුවන් පැන ගියේ නම් මිගමුව පොලිස් අධිකාරී කාර්යාලයට වහාම පැමිණිලි කරන්න. දින 5 කින් සාර්ථක ප්‍රතිපල යැයි කියමින් ප්‍රචාරක දැන්විම් පවා ප්‍රසිද්ධ කළ හැකි මට්ටමේ පොලිස් කලාපයක් බවට මිගමුව දැන් පත්ව තිබේ.

”පොලිසිය මාරයි මඟුල හමාරයි” යැයි දැන් අපටද ලියන්නට සිදුව තිබේ