මීගමු නුතන බේකරි කලාවේ මහගෙදර මූලිකයා අපෙන් සමුගනි…

0
257

පරණ බේකරි කලාව නුතනත්වයට ගෙන එමින් මීගමුවේ නැවුම් බේකරි සහ ආපන ශාලා සංස්කෘතියක් බිහිකිරිමට මුල්වු කැල්ටන් මුදලාලි හෙවත් සෝමචන්ද්‍ර මහතා දැන් අපෙන් සමුගෙනය.
ඔහුගේ වියෝව ගැන කියැවෙන බැනර් මීගමුවේ බොහොමයක් තැන්වල දැන් එල්ලා ඇත.
මීගමුව නගරයට නුතන්ත්වය ගෙන එන්නට මුල්වු අය අතර සෝමචන්ද්‍ර මහතාට ලැබෙනුයේ  පුම්‍රඛ තැනකි.
ඉතා සුළුවෙන් ඇරඹි ව්‍යාපාරික කටයුත්කත් දියණුවේ හිණිපෙත්තටම කැදවාගෙන ආ මේ ධෛර්ය සම්පන්න අලුත් මිනිසාගෙන් උගතහැකි දේ බොහෝය.
ඒ වෙනුවෙන් අප මීට වසර කිපයකට  පෙර මීපුර පුවත්පතේ පළකරන්න යෙදුන මේ සාකච්ජාව නැවතත් පළකරන්නේමු.

ඔබේ  ව්‍යාපාරය  ආරම්භය සිදුවුනේ කොහොමද ?

මම 1968 දෙසැම්බර් 28වැනිදා තමයි සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වේ.තාත්තා කිව්වා පුතේ ඉස්කෝලේ යන්න බැරිනම් නාට්ටාටි වැඩේට යන්න ලෑස්ති‍ වෙන්න කියලා ඕක තමයි උත්තරය.
මම හරි සන්තෝෂ වුනා එතකොට තාත්තා මෙහෙන් යාපනයටපොල් අරන් යනවා.  යාපනයෙන් මිරිස් ලුණු එහෙම අරන් ඇවිල්ලා මීගමුවේ කාමච්චෝඩෙටයි මිනුවන්ගොඩ පොළටයි දෙනවා.ඕක තමයි ජොබ් එක.මම හරි සන්තෝෂෙන් ඉදිරිපත් වුණා.ඉදිරිපත් වෙලා කරගෙන ගියා හැබැයි තාත්තා මම ඉස්කෝලේ යන්න බැහැ කියපු තරහට අවුරැදු 5ක් යනකම් ලොරිය ඉස්සරහට දුන්නේ නැහැ.
අවුරැදු 5ක් යනකොට මට හොඳට දෙමල කතා කරන්න පුළුවන් වුණා. බඩුවක් වටිනාකමට අරගෙන වටිනාකමට විකුනන්න පුරැදු වුණා.    ඊට පස්සේ තමයි තාත්තා ලොරිය ඉස්සරහට එන්න දුන්නේ.
පර්ස් එකත් දුන්නා.    එතන ඉදන් මාස දෙකක් ඇතුලත මට ලොරියකුත් අරන් දුන්නා.   ඊට පස්සේ මට කිව්වා දැන් ඔයාට තනියම බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන් කියලා රැ.6000කුත් මට අතට දුන්නා.
ඊට පස්සේ මම ඒ බිස්නස් එක කරගෙන ගියා.
ඔහොම ඉද්දී මගේ පුතාත් පොඩියි.   එයාට වයස 7ක් විතර ඇති.    එතකොට මෙයාට කඩෙන් ගෙනත් දෙන කිසිම දෙයක් කන්නේ නැහැ.
දැලි පොඩ්ඩක් තිබුණත් කන්නේ නැහැ.    අම්මට සිදුවුනා හැමදාම මොනාහරි හදන්න.  ඔකත් මගේ ඔලුවේ තිබුනා.
.ඒ නිසා මම සිල්ලර කඩය කරගෙන යන අතරේ බැලුවා බේකරියක් දාන්ඩ තැනක්.   එහෙම හොයද්දී තමයි මේ ඉඩම් කෑල්ල හම්බවුනේ.   ඒත් මම බේකරියක් කරන්න දැන ගෙන හිටියේ නැහැ.  ඊට පස්සේ අපේ ඔරියන්ට් බේකරියේ ප්‍රදීප් ප්‍රේමරත්න මහත්තයා එයා මගේ හොඳ යාළුවා.
එයා මට කිව්වා ඔයා හදන්න බේකරියක් මම උදව් කරන්නම් කියලා.   එයා කමයි උපදෙස් දුන්නේ.   ඒ අතරේ මාත් එක්ක සම්බන්ද වුනා.   කිරිබත්ගොඩ බේකරියක් කරන දෙමළ මුදලාලි කෙනෙක්‍.
එයත් සම්බන්ඳ වුනා.  යුනි ලීවර්ස් කම්පැණියත් අපිට සිල්ලර කඩේට බඩු දුන්නනේ.ඒගොල්ලොත් අපිට සම්බන්ද වුනා.

ඒගොල්ලගෙනුත් උපදෙස් අරගෙන තමයි මේ බේකරිය පටන් ගත්තේ.  බේකරිය පටන් ගත්තේ තැටි 15කින් විතර. 1990.12.16 වෙනිදා බේකරිය ආරම්භ කරා.  ආරම්භ කරලා එදා අදවගේ මට මතකයි පාන් පිටි කිලෝ 50කින් විතර පාන් දැම්මා බනිස් දැම්මා.   පිටි කිලෝ 5කින් විතර බටර් පාන් ගෙඩි 6යි.   හවස් වෙලා මම කට්ටියට කතා කළා.බටර් පාන් ගෙඩි 6න් 3ක් ඉතුරැවෙලා තිබුණා.ඊට පස්සේ අපේ බාස්උන්නැහැ කිව්වා මේ තුන අපි හෙට උදේට විකුණමු මහත්තයා කියලා.
මම කිව්වා එපා මේක අයින් කරන්න කියලා.එයා කිව්වා අනිත් බේකරි වලත් මේවා උදේට විකුණනවා කියලා.   මම කිව්වා ඔයා මම කියන දේ අහන්නකෝ කියලා. පහුවෙනිදා උදේ මම කිව්වා ඔයා 6ක් දාන්න කියලා.6ම ගිහින් තිබුණා.  ඊට පස්සේ දවසේ මම කල්පනා කරලා කිව්වා 9ක් දාමු නේද බාස්උන්නැහේ කියලා .  නවයක් දැම්මා නවයම විකුණුනා.   ක්‍රමාණුකූලව වැඩි කලා.   අර එදා ඉතුරැවෙච්ච 3විකුණුවානම් අදත් මට මේ ව්‍යාපාරය දියුණු කරන්න හම්බවෙන්නේ නෑ කියලා මම හිතනවා.   ඔහොම කරන් යද්දි මට මේකේ පිරිසිදු කම හොඳටම මදි මොකද මම පිරිසිදු කම 100%ක් බැලුවා.
මේ කෑම හෝදලා තම්බලා කන ඒවා නෙමේනේ.     ඒ වාගේම ගුණාත්මකභාවයත් බැලුවා.
ඔහොම යද්දී දැන් ඉල්ලුම වැඩී සැපයුම මදි.ඔය අතරේදී මම මේපාරේ පර්චස් 20ක් ගත්තා.ඒකේ හැදුවා තැටි 24ක බේකරියක්.
එහෙම කරගෙන යද්දී අර සිවකුමාරන් කියන මගේ යාළුවා මාව 1995දී ව්තර  මැලේසියාවට රැගෙන ගියා.   ඒ ගියේ එහෙ බේකරි ටිකක් බලන්න.      ඒ සේවකයෝ ඇදන් ඉන්න හැටි ඒවල පිරිසිදු කම බලන්න. ගිහින් ආපු ගමන් මට හිතුනා ඒවගේ නවීන බේකරියක් මෙහෙ කරනවානම් මේි ව්‍යාපාරය තව දියුණු කරන්න පුළුවන් කියලා.

ඒ කියන්නේ පිරිසිදු කමයි නව තාක්ෂණයයි තියෙන්න ඕනා. මේ වාගේ දැලි ගාගෙන කරන්න බෑ කියලා තේරැම් ගත්තා.    ඒ ගමන තමයි කටුනායක ස්වීට් හවුස් එක පටන් ගත්තේ.ඕක  පටන් ගන්න වෙලාවේ මට ගොඩාක් උදව් කළා වැල්ලවත්ත රෝයල් බේකරියේ බන්දුල මහත්තයා.ඒකට ගොඩාක් සල්ලි ඕන කරලා තිබුණා.
හැටන් නැෂනල් බැංකුවෙන් දුන්නා ලක්ෂ 50ක ලොන් එකක් 14% පොළියට.ඒකෙන් තමයි කටුනායක ස්වීට් හවුස් එක පටන් ගත්තේ.
ඒකේ සේවකයින්ට යුන්ලීවර්ස් සමාගමෙන් හොඳ පුහුණුවක් ලබා දුන්නා.අවුරැද්දක් විතර යන්න කලින් මගෙන් එයාර් ලංකා ඓකේ කේටරින් එකට පාන් ඉල්ලුවා.ඒ පාන් මට දෙන්න පුළුවන් වුණා.ඒගොල්ලන්ගේ බේකරිය හදන්කම්ම මගෙන් පාන් ගත්තා.ඒක මගේ ගමනට ලොකු උදව්වක් වුණා.මේක දැකලා ගාමන්ට් ෆැක්ටරි වලින් ඕඩර්ස් ආවා.

ඔබේ ආරම්භය වෙනත් ව්‍යාපාරයකින් පටන් අරගෙන උසස් බේකරි පාලනයක් දක්වා ගොඩනැගුනේ කොහොමද ?

මගේ ව්‍යාපාරය මෙච්චර කාලයක් කරගෙන ඇවිල්ලා දියුණු වෙන් පලවෙනි හේතුව තමයි සේවකයින්ට විශේෂ සැලකිල්ලක් දැක්වීම.ඒ වාගේම හැම මාසෙකටම වරක් මම ඔවුන් කැඳවලා රැස්වීමක් තියෙනවා.ඒකෙදී අපි කොහොමද පාරිභෝගිකයින්ට සලකන්න ඕනා.ඔවුන්ට හොඳ සේවයක් ලබා දුන්නොත් තමයි අපිට ලාභයක් තියෙන්නේ කියලා මම ඔවුන්ට කියලා දෙනවා.වැඩ කරන සෑම සේවකයෙක්ටම කෑම දීලා තමයි පඩි දෙන්නේ.ඒක අපේ තාත්තා ඉන්න කාලේ ඉඳලම තිබුණ පුරැද්දක්.තාත්තා ගාවත් පස්දෙනෙක් හරි හිටියනේ.කටුනායක ස්වීට් හවුස් එකේ හැම ළමයෙකුටම පඩි දෙන්නේ කෑම දීලා.නැවතිලා ඉන්නවානම් තුන් වේලම දෙනවා.ගෙදර යනවානම් ගෙවනවා.

සේවකයින් සම්බන්ඳව ඔබ යම් විණය නීතියක් හා විශේෂ අවධානයක් යොමු කරනවාද

මම තහනම් කරලා තියෙන්නේ වැඩ කරන වෙලාවට මත්පැන් බොන එකයි සිගරට් බොන එකයි බුලත් විට කන එකයි.මැයි 1වැනිදාට මම මගේ සියලුම සේවකයින්ව ගෙදරට එකතු කරලා කෑමක් දීලා ඒ අය එක්ක පොඩි සතුටු වීමක් කරනවා.මට පැය 24පුරාම සේවකයොත් එක්ක ඉන්න බැහැනේ.ඒ නිසා මම හැමතිස්සේම බලන්නේ ඒ අයගේ අඩුපාඩු සපුරලා ඒ අයව සතුටින් තියන්න.නැත්නම් ඒ අයගෙන් හොඳ සේවයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැනේ.64 විභාගේ ගත්ත දිනේ ඉඳලා ව්‍යාපාර වලට සම්බන්ද වුනු දා ඉදන්ම මගේ හිතේ වැඩ කරපු එකක් තමයි සේවකයිනට හොඳින් සලකන්න ඕනා කියන එක.අපිට හම්බකරලා දෙන්නේ ඒගොල්ලොනේ.

ඔබ ඔබේ සේවකයින්ව සෞඛ්‍ය කරීක්ෂණයකට යොමු කරනවාද

ඔව් . මම දැන් අපේ සේවකයින් හැමදෙනාවම සම්පුර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න වෛද්‍ය ආනන්ද පෙරේ‍රා ගාවට යොමු කර තිබෙනවා.එය මසකට එක් වතාවක් සිදු කරනවා.

මීගමුව සෞඛ්‍ය සම්පන්න නගරයක් වීමෙන් ආදායම් වැඩිවීම එනම් විදේශීය සාමාජිකයින් වැඩියෙන් ඇදී ඒම වගේ ප්‍රතිඵල ඇතිවිය හැකිය.දැනය තියෙන අපිරිසිදු තත්වය අනුව අපිරිසිදු කම නගරයේ ලස්සනට බාධාවක් වී තිබෙනවා.මේ තත්වය වෙනස් කිරීමය හෝටල් හා බේකරි හිමියන්ට යමක් කල හැකිද

මම දැනට සම්බන්ඳ වෙල් ඉන්නේ ලංකාවේ බේකරි හිමියන්ගේ සංගමයත් එක්කයි.යම් වැඩපිලිවෙලක් සිදු වෙනවානම් මම කරමතියි සම්බන්ඳ වෙලා මම දන්න දෙයක් කියලා දෙන්න.ඒ වාගේම ඔවුන්ට විසදා ගැනීමට තිබෙන ඕනෑම අඩුපාඩුවක් කියා දෙන්න මම කැමතියි.මීගමුවේ ඒවගේ සංගමයක් පිහිටුවන්න කවුරැහරි උදවි වෙනවනෙම් මම කොහොමහරි උදව් වෙනවා.

මීපුර පුවත්පතේ පළවුවකි.