මීගමු පොහොට්ටු මන්ත්‍රිලා ගැටෙති ! ලංසා පිලෙන් සරත් පිලට ප්‍රහාරයක් !

0
84

දායල්-නිලංග-(8.00 pm ) අලුයට ගිණි පුපුරු ලෙසින් පවතින මිගමුවේ දේශපාලනයේ ලංසා සහ සරත් පිළේ ගැටුම දැන් ගුටි කෙළගන්නා මට්ටටම වර්ධනය වි තිබේ.
එහි කළඑළි දැක්ම අද සවස මිගමුව මහනගර සභාවේ පැවැති රැස්විමක් අතරතුරේදි සිදුව තිබේ.
කිසියම් සිදුවිමක් අරභයා ඇතිව තිබුණ මතගැටුමක් හේතුවෙන් නිමල්  ලංසාගේ පිලේ ප්‍රබල මන්ත්‍රිවරුන් වන හිටුප නගරාධිපති ඇන්ටනි ජයවිර සහ  දයාල් නිලංග විසින් එල්ල කරන ලද පහරවල්  හේතුවෙන් සරත් ගුණරත්නගේ ගෝල මන්ත්‍රිවරයා වන ජුඩ් නැමැත්තා විසි වි ගොස් මේසය යටට ඇද වැටි ඇත.
මිගමුවේ දේශපාලනය දැන් පාදකඩරණයේ උච්ච අවස්ථාවට පැමිණ තිබේ. පසුගිය දා නගරයේ ප්‍රධාන පුරවැසියා වු මෝසෙස් ලංසා විසින් 48 දෙනෙකුගෙන් යුත් නාගරික මන්ත්‍රි මණ්ඩලයේ එක් මන්ත්‍රිවරයෙකුට එරෙහිව කළ තර්ජනයක් ගැන අප පසුගියදා හෙළිදරව් කළෙමු.
රාජපක්ෂලාගේ ගුණසුවද ගතිපැවතුම් රටටම පෙන්වා දෙමින් ඒ මග යන පුරපතිලා පමණක් නොව මන්ත්‍රිලාගෙන්ද දැන් මිගමුවේ අඩුවක් නැත.
මීගමුවේ බදුගෙවන ජනයාට අද සිදුව ඇත්තේ මේ පාදඩකරණයෙන් මිගමුව බේරාගැනිමටය.