මීගමු පොහොට්ටුවේ අර්බුද මැද මහින්ද ගෝඨා මීගමුවට !

0
83

nimal saka sarathමීගමුවේ පොහොට්ටුවෙි අර්බුදය දැන් ප්‍රසිද්ධ කාරණයකි.වරක් නිමල් ලංසා විසින්ම පොහොට්ටුවෙි මීගමුවේ සංවිධායකයා සරත් ගුණරත්න යැයි ප්‍රසිද්ධියේ කියා දැන් සරත් ගුණරත්නටත් හොරෙන් රැස්විම් සංවිධානය කරමින් වෙනමම කුමන්ත්‍රණයක නියැලි සිටි.මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු වු ගම්පහ සිටින ජේෂ්ඨ දේශපාලකයෙකු වන සරත් ගුණරත්න මේ සියළු වර්ධනයන් තුල සිටින්නේ තරමක කළකිරිමෙන් ඔහුට සමීප ආරංචි මාර්ග දක්වා සිටී.මීගමුව තුලත් ගම්පහ දිස්ත්‍රික්කය තුලත් දේශපාලනික අනාරක්ෂිත බවක සිටින නිමල් ලංසාට මේ දිනවල සිය දේශපාලන කටයුතු ගොඩදාගනිමින් සිටින්නේ මිගමුව මහනගර  සභාවේ ව්‍යපෘති කම්කරුවන් හරහාය.පසුගිය මහර රැස්විමට ගියේද මේ කම්කරුවන්ය.මේ අතර මුස්ලිම් ජනතා නියෝජිතයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී සාකාවුල්ලා සිටින්නේ නිමල් ලංසා සමගින් දැඩි අමනාපයකිනි.මේ අනුව මීගමුවට සම්බන්ධ ප්‍රබල නියෝජනයන් සහිත දෙදෙනෙකු ලංසාගෙන් ඈත්ව සිටී.ඔක්තෝබර් 19වෙනිදාට ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ පැමිණෙන්නේ අවුල් වියවුල් වලින් පිරුණු දේශපාලන අර්බුදයක් සහිත මීගමුවේ පොහොට්ටුවෙි රැස්විම සදහාය.ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු දේශපාලකයන්ගේ ප්‍රබල විරෝධයක් ඇති නිමල් ලංසා මේ දිනවල දගලනවා ඇත්තේ කෙසේ හෝ රැස්විම ගොඩදාගැනිමටය.