මීගමු පොහොට්ටුවේ ගැටුම කාමච්චෝඩෙන් පටන් ගනී !

0
61

පොහොට්ටුව(1.35 pm ) කාමච්චෝඩය   ප්‍රදේශයෙන්  දේශපාලන  තරග  බිමට  බැස  සිටින  තරුණ ක්‍රියාකාරිකයෙකු වන ෂේන ප්‍රනාන්දු      මහතා  පොදුජන  එක්සත්  පෙරමුණේ   කාමච්චෝඩය  ප්‍රදේශයේ  සංවිධායක  වරයාය.   කාමච්චෝඩ⁣ය නියෝජනය කරන නාගරික මන්ත්‍රිනී නිර්මලා ප්‍රනාන්දු සහ  ⁣ෂේන් ප්‍රනානදු එකම පක්ෂයේ සාමාජිකයින් වුවද මේ වනවිට  මේ දෙදෙනා අතර අසමගියක් මෙන්ම  ප්‍රසිද්ධි⁣යේ විවේචන කිරිම් සිදුවීමට පටන්ගෙන ඇත.
මෙයට ආසන්න හේතුව ලෙස ෂේන් මහතා සඳහන් කරන්නේ   නගර සභා ප්‍රතිපාදන  හරහා   සිදුකළ පාසල්  පොත්  බෙදාදීම නාගරික මන්ත්‍රීණි  නිර්මලා මහත්මියගේ ඒකාධිකාරය යටතේ අසාධාරණ ලෙස එක් කලාපයකට පමණක් බෙදාදුන් බවයි.  ක
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට ප්‍රකාශයක් සිදුකල පොදු ජන එක්සත් පෙරමුණේ කාමච්චෝඩය සංවිධායක ෂේන් ප්‍රනාන්දු සඳහන් කළේ මෙවැනි අදහසකි.

මේ කා  එක්කවත්  පුද්ගලික  අමනාපයක්  මට නෑ.  මේක  සිද්ධවුනේ  ඔක්.  නොවැම්බර්   වගේ  මාසයක .  නිර්මලාගෙ  ප්‍රතිපාදන  වලට  රු.  ලක්ෂ  දෙකක  පමණ  පොත්  ලැබුනා.  මුළු  කාමච්චෝඩයටම  ලැබුනු  පොත්  වලින්  ඇය  බෙදුවෙ  මහවීදිය  සහ  කුට්ටිදූව  යන  ප්‍රදේශ වලට  පමණයි.
කාමච්චෝඩෙ  මිනිස්සුන්ට  එයා  ඉන්න  තැනට  ඇවිත්  පොත්  ගන්න  කියලයි  කිව්වෙ.  එහෙම  බාල්දුවෙල  පොත්  ගන්න  මිනිස්සු  එන්නෙ නෑනෙ.  මේක  තමයි  මේ  විරසකේ  ඇතිවෙන්න  මුල්වූ  කාරණය. සිදුවූ  දේ  ගැන  මට  කේන්ති  ගිහිල්ල  හිටියෙ.  බැන වැදුනෙ  ඒකයි.  මම  එයාගෙ  වැඩිහිට්  කමට  සළකනව.    නමුත්  කරන  හැම  දේකටම  ඔළුව  පාත්  කරන්න  මම  කැමති  නෑ.නිර්මලා    නාගරික  මන්ත්‍රීවරය  ලෙස  පත්වුනේ  අපේ ජන්ද වලින්.

පොදුවේ  ඡන්ද  675ක්  ලැබුනා.  ඒඡන්ද  ලබාගත්තෙ  අපි  මැදිහත්වීමෙන්.   අපේ  තාත්ත(   හිටපු  නාගරික  මන්ත්‍රී  ලොකු  කුමාර  හෙවත්  විනීෂියස් )   හින්ද  තමයි  ඡන්ද  ප්‍රමාණයක්  අපට  ලැබුනෙ.  අපි  මේ  වෙනුවෙන්  විශාල  කැපකිරීමක්  කළා.  නමුත්  එයාට  මුල  අමතකවෙල.   මට   මොකුත්  අවශ්‍යනෑ.  මේ  ප්‍රදේශයට    සහ  ජනතාවට  වැඩක්  කරනවනම්  ඒකයි  වැදගත්.  මේ  වගේ  අයනිසා  තමයි  මේ  දේශපාලනේ  ගැන  කලකිරීමක්  ඇතිවෙන්නෙ.  මේ විදිහට  යනකොට  මීලඟඡන්දෙදි  තියෙන  ඡන්දත්  කැඩෙනව.  මිනිස්සු  මේවගේ  අයට  ඡන්දෙ  දෙන්නෙ නෑ.  තමන්ගෙ  හිතුමනාපෙට  ගන්න  තීරණ  අනුව  ඉදිරි  ගමනක්  නෑ.  මම  ගමේ  කව්රුත්  එක්කත්  යූ ඇන් පී,  ශ්‍රී ලංකා,  භ්දයක්  නැතිව  කටයුතු  කරනවා.  මිනිස්සුන්ට  බොරු  කියල  රවට්ටන්න  මට  ඕනෙ නෑ.  කව්රුහරි  ගමට  වැඩක්  කරනවනම්  එච්චරයි.