මීගමු පොහොට්ටුවේ පූට්ටු දේශපාලනය අර්බුදයක ! ලංසා කණස්සල්ලෙන් !

0
80

සමුපේ 3( 8.30 am ) නිමල් ලංසා දැන් නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. අතදිගහැර ව්‍යෘපෘති වාසි දැන් නැත. නිමල් ලංසාට බොරළු සමන්ත දැන් ප්‍රකෝටිපතියෙකි.
එසේ නම් නිමල් ලංසාගේ වත්කම් ආදයම් ගැන යළිත් කවර කථාද ?
නිමල් ලංසාගේ වපසරිය දැන් මිගමුව හතර කොණට සිමා වි ඇත.
බැසිල් රාජපක්ෂ හා එක්ව ලංකාවේම පාරවල් හදපු අමාත්‍යංශ 12 ක් බස්නාහිර පළාත් සභාවේ දි හිමිව තිබුණ ලංසාගේ ස්වර්ණමය කාලය එය විය.
දැන් සියල්ල නිමව ඇත.
එම නිසාම නිමල් ලංසා දැන් කල්පනා කරන්නේ ඔහු දකින සියළු සිහින මිගමුව මනගර සභාවේ බදුගෙවන ජනයා උගසට තබා හෝ ඉටුකරගැනිමටය.
මිගමුවට කේබල් කාර් ගෙන ඒමට වැඩි පොලි්‍යට ණය ගන්නට කල්පනා කරන්නේද ඒ නිසාය.
එපමණක් නොව පසුගිය කාලය තුල මිගමුවේ පැවැති සියළු නගර සභා ඉඩම් ඔහුගේ හිතවතුන්ට භුක්ති විදිමට ඉඩකඩ සැලසු ලංසා දැන් බලන්නේ ඉතිරි වි ඇති ඉඩම් වල සල්ලිකාරයන්ට නිවාස සංකිර්ණ හදා දෙනවා යැයි කියා අත්තිකාරම් ගෙන ඒ මුදල් වලින් අතේ පාළුව මකා ගැනිමටය.
එහෙත් දැන් එක පරහක් තිබේ. එනම් පොහොට්ටුව තුල මතුව ඇති දැවැන්ත අර්බුදයයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු එක් කළ පූට්ටුව දැන් දෙදරමින් ඇත්තේ නිකම් හෝ නොවේ.
දැන් එය පාලනය කළ නොහැකි ගුටි කෙලි දක්වා වර්ධනය වි හමාරය.ලංසා මේ නිසා ඉන්නේ දැඩි කණස්සලෙනි.ඒ ඔහුගේ සිහින හබක් විමට දැන් හොදටම ඉඩ ඇති නිසාය.
රටම ණය කොට අර්බුදයකට යැවු රාජපක්ෂලාගේ මිගමු පාලනය විසින් මිගමුව දැවැන්ත ණය උගුලක පැටලිමට දැන් සිටම පිඹුරුපත් සකසමින් සිටිති.
එහෙත් ඒ සියල්ල කිරිමට මහසභාවේ ඡන්ද අනුමැතිය ඇවැසිය. දැන් එය අර්බුදයකට යමින් තිබේ.එනම් සරත් ලංසා අර්බුදය දැන් ගුටි කෙළි දක්වා ගොස් හමාර බැවිනි.