මීගමු මහනගර සභා සෞඛ්‍ය කම්කරුවාගේ ගිණුමේ තිබුණ රු කෝටි 18 කාගේ සල්ලිද ????

0
104

arrestමේ දිනවල මිගමුව කේන්ද්‍රකොට ගෙන පුවත් ගණනාවක්ම නිර්මාණය වෙමින් තිබේ. ඒ බහුතරයක් පුවත්වල කේන්ද්‍රිය කරුණ බවට පත්ව ඇත්තේ මත්කුඩු ජාවාරම පිළිබදවය.
මේ අතර අද මව්බිම පුවත්පත වාර්ථා කර තිබුනේ මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකුගේ ගිණුමේ රු කෝටි 18 ක් තිබුන බවට විමර්ශනවලදි හෙළිවි ඇති බවය.
මේ වන විට මිගමුව පුරා ලැව්ගින්නක් සේ පැතිර යමින් ඇති මේ පුවත ගැන කාගේත් පොදු ප්‍රශ්ණය වි ඇත්තේ මේ මුදල් කාගේද යන්නයි.
මිගමුවේ දේශපාලනය මෙහෙයවන  කලු සල්ලි පවුල හා සමිප සම්බන්ධතා තිබුනු ඉක්මනින් පෝගේසතුන් බවට පත්වු ව්‍යාපාරිකයන්ව මත්කුඩු චෝදනා මත සැක පිට පසුගිය දිනවල අත්අඩංගුවට ගැනිම් කිපයක්ද සිදුව තිබුණි.
මේ පසුබිම තුල මේ රු කෝටි 18 ට කාගේද යන ප්‍රශ්ණය ගැන පොදු මතයක් දැනටමත් මිගමුව තුලත් රටතුලත් ගොඩනැගි හමාර බවක්ද පෙනෙන්නට තිබේ