මීගමු මහනගර සභාව සල්ලි නැතුව බංකලොත් ? ඩෙංගු පැතිරුනොත් භායානක තත්වයක් ?

0
156

ඩෙංගු 2කොරෝනා අවධානම අස්සේ ඩෙංගු උවදුරද රටපුරා හිස ඔසවමින් තිබේ. එය දැනටමත් කොරෝනා වෛරසයට වඩා ජිවිත ගණනක් මේ වසර තුල පමණක් බිලිගෙන හමාරය.
2017 වසරේදි මිගමුවද ඩෙංගු වසංගත තත්වයට පත්ව ජිවිත ගණනාවක්  අහිමිවු තත්වයක් උදාවි තිබුණි.
දැන් යළිත් වරක් ඩෙංගු උදුර අභියෝගයක්ව පවති.
මිගමුව තුල එය දැවැන්ත අර්බුදයක් නියත වශයෙන්ම නිර්මාණය කරනු ඇතැයි සිතිය හැක්කේ මිගමුව මහනගර සභාව මේ වන විට මුදල් නැති කමින් බංකලොත් තත්වයකට පත්ව ඇතැයි මිගමුව නගරාධිපතිවරයා විසින්ම පසුගිය මහසභා රැස්විමකදි ප්‍රසිද්ධියේ කියා තිබිමත් නිසාය.
මිගමුවේ බදුගෙවන ජනයා මේ අර්බුදය ගැනත් ඒ තුලින් මතුවන ජිවිත අභියෝගය ගැනත් දැන් සිටම බරපතල ලෙසින් කල්පනා කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here