මීගමු මහනගර සභාවේ සේවිකාවන් 10 ක් හැමදාම වාහනයකින් වැල්ලවීදියට ගෙනියන්නේ ඇයි ?

0
186

bribery-1newමීගමුව මහනගර සභාවේ සාරි ඇදගත් සේවිකාවන් 10 දෙනෙකු නගර සභාවට පැමිණ ඇගිලි සලකුණ තබා එලියට වි සිටිති. පසුව මේ අයව රැගෙන යාමට වාහනයක් පැමිණෙයි.
මේ සේවිකාවන් 10 දෙනාම එහි නැගි වැල්ලවිදියට යයි.
යළිත් සවස නගර සභාවට අර වාහනයෙන්ම ගෙනත් ඇරලවයි
පැමිණ ඇගිල සලකුණ තබා වැඩ නිමවා නිවෙස් වලට යයි .
සාරි ඇදගත් මේ සේවිකාවන් 10 දෙනා මේ යන්නේ නිමල් ලංසාෙගේ වැල්ලිවිදියේ කාර්යාලය වෙතැයි යන්න දැන් ප්‍රසිද්ධ රහසකි.
ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් නගර සභාවේ මුල්‍ය අර්බුදය තිබියදිම 20 දෙනෙකු බදවා ගෙන තිබුණි. වෙනත් නගර වල නම් ව්‍යාපෘති කම්කරුවන් යනු පාරවල් වල විවිධ පිරිසිදු කිරිම් සදහා යොදවා ගනු ලබන අය වුවද මිගමුවේදි බදවා ගනු ලබන ව්‍යාපෘති කම්කරුවන් යනු සාරි ඇද කලිසම් ඇද ජැන්ඩි පහට ලංසා පවුලේ දේශපාලන වැඩවලට යන එන අයවෙති.
මරණයට රු 5000 දිගන්නට බැරි නගරාධිපතිට අලුතින් බදවා ගත් කම්කරුවන්ට රු 30000 බැගින් 20 දෙනෙකුට මාසිකව පඩි ගෙවන්නට මුදල් ඇත.
රටේම පරිපාලන සේවයද ගද ගස්සවමින් දේශපාලන අධිකාරියට කඩේ යන තුන්වෙනි පංතියේ මිගමුවේ නාගරික කොමසාරිස්වරිය මේ සියලු අයථා වැඩ අනුමත කරයි.
අලුතින්  මේ 20 දෙනා බදවාගනු ලබන්නේ පැහැදිලිවම නිමල් ලංසාගේ මැතිවරණ වැඩ වෙනුවෙනි.
ඇත්ත එයයි.
වැල්ලිවිදියට වාහනයෙන් යන එන මේ නංගිලා ගැන බලාගන්නට භාර දි තිබෙන්නේ අම්පාරේ සිට පැමිණ දැන් කෝටිපතියෙකු  වි සිටින තාක්ෂනික නිළධාරියා වෙතය.
ඔහු මේ සේවිකාවන් අමතන්නේද නංගිලා යනුවෙනි බව දැන් මුලු නගර සභාවමත් දනි.ු
අපට ඇති එහෙත් කොමසාරිස් නෝනාට නැති ප්‍රශ්ණය නම් මේ තාක්ෂණ නිලධාරියා මේ නංගිලාගෙන් ගන්නා වැඩ මොනවදැයි කියා වාර්ථාවේ ලියා ඇත්තේ මොනවදැයි කියාය.