මීගමු රෝහලේදී ඝාතනයට ලක්වු චමිලාට සාධාරණය ඉටු වෙයිද?

0
134
චමිලා ඝාතනය
චමිලා ඝාතනය

වෙළද කලාපයේ  සේවය කළරමින් සිටියදී 2007 නොවැම්බර් මාසයේදී මීගමුව රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි චමිලා නම් තරැණියක්  දූෂණය කර අබිරහස් ලෙස  රෝහලේ නව  ගොඩනැගිල්ල  06 වන මහලින් පහලට දැමූ පසු ඇයව ප්‍රතිකාර සදහා රාගම රෝහලට ගෙනයන අතරතුරදී  ඇය මිය ගියේය.  මේ සම්බන්ධව සැක පිට රෝහලේ වෛද්‍යවරයෙකු  වන සුදර්ශන බාලගේ  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කරන ලදී. මේ නඩුව සම්බන්ධයෙන් රෝහලේ පිරිසිදු කිරීමේ සේවිකාවක් වන බියට්‍රිස් මහත්මිය සාක්ෂි දුන් අතර  පසුව ප්‍රධාන සැකකරැ වෛද්‍ය  බාලගේ ඇප මත නිදහස් කරන ලදී.  චමිලා ඝාතන නඩුවේ තවත් නඩු වාරයක් 2011 ජූලි 29 වනදා පැවැත්වුණ අතර ඒ සදහා ප්‍රධාන  සැකකරැ වෛද්‍ය සුදර්ශන බාලගේ ඉදිරිපත්වූ අතර බියට්‍රිස් ඇතුළු තවත් සාක්ෂිකරැවන් 06 දෙනෙකු ඉදිරිපත් කෙරිණි. මීගමුව මහා අධිකරණයේදී මෙම නඩු විභාගය ලබන සැප්තැම්බර් 26 වනදාට පැවැත්වීමටත් එදින සිට දින 05ක් මෙම නඩුවේ විභාගය පැවැත්වීමටත් නියමිතව බව උසාවි ආරංචි මාර්ග සදහන් කරයි. මොණරාගල  chamila ප්‍රදේශයේ සිට පැමිණ ජිවිතය පිළිබදව  මහත්  බලාපොරොත්තු රැසක් සමග  බද්‍ර යොවුන් වියෙහි පසුවූ චමිලා  කදවල ස්මාර්ට් ෂර්ට් ආයතනයේ සේවය කළ සේවිකාවකි.  ඇයගේ මිනීමරැවන්ට නිතිය ඉටුකරන ලෙස ඉල්ලා මෙම ඝාතනය සිදුවූ ආසන්නයේ ඇයගේ කම්හලෙහි සේවිකාවන් රැසක්  උද්ඝෝෂණ වල නිරත වූහ. මේ වන විට චමිලාගේ ජිවිතයට සිදුවූ අසාධාරණය  මුලු මහත් සමාජයටම අමතක වී ඇති අතර  ඇයට සිදුවූයේ කුමක් ද කියා සැක කළ කිසිවක් තවමත් නීතිය හමුවෙහි තහවුරැ කර නොමැත.

chamila new
චමිලා

DSCN0878 DSCN0842 n

Meepura Media Unit.