මීගමු රෝහලේ ජුලි සිට ඩෙංගු මරණ 8 ක් ! අදත් ඩෙංගු රෝගීන් 115 ක් ?

0
332

dengu 1(2.30 pm ) මීගමුව  රෝහලේ   සේවකයෙකු  ප්‍රකාශයක් කරමින්  කියා  සිටියේ  ඔහුගේ   පවුලේ  7 දෙනෙකුට  මේවනවිට  ඩෙංගු  වැලඳී  ඇති  බවයි.   අද  ඔහු  තවත්  සේවකයෙකු  සමඟ  කරන  කථාබහ  තුළ   කියවුනු  එම   ප්‍රකාශණය  තුළින්    අදවනවිට  නගරයේ  ඩෙංගු  තත්වය  ගැන  හොඳ   අවබෝධයක්  ලැබිය හැක. මීට  පෙරද  අප  සඳහන්  කළ   මීට  හේතුව  ලෙස    වෛද්‍යවරු  කරන  ප්‍රකාශයක්  වූයේ   ජනතාවට  මේ  පිළිබඳව  ඇති  අඩු අවබෝධය  සහ  ආර්ථික  අපහසුතා  නිසා  කළයුතු  පරීක්ෂණ  කටයුතු  සිදුනොවීම  බවයි.   එසේම  මිනිසුන්ගේ  ඇවතුම්  පැවතුම්ද  පරිසරයේ  පවතින  අපිරිසිදු  කම  ආදියද   හේතු  ලෙස  පවතින  බව  කිවයුතුය. මීගමුව  රෝහලේ    වෛද්‍ය  ජයන්ත  මහතා   අප  සමඟ  මේ ගැන  අදහස්  දක්වමින්  කියා  සිටියේ  රෝගය  පැතිරී  යන  මේ  මොහොතේ  කළ යුතු  එකම  දෙය නම්  රෝගියා  වෙනත්  අයගෙන්  වෙන්කිරීමත්,   ආරක්ෂා  කිරීමත්   පළමුව  කළයුතු  බවයි.  ඩෙංගු  මර්ධනයට  වඩා(  එයත්  කළ  යුතුයි)  මෙම  රෝගය  පැතිර  යන   ප්‍රදේශවලදී   රෝගියා  ගැන  අවධානය  දෙමින්   ඒසඳහා  අවශ්‍ය  පහසුකම්  ‍  ලබාදීම  පළමුව  කළයුතු  බවයි.  මන්ද  රෝගියකුට  මදුරුවකු   දෂ්ඨ  කළ  පසු   තවත්  අයෙකුට  එම  මදුරුවා  මගින්  බෝවන  බැවිනි.

කෙසේ  නමුත්  තවමත්  මීගමුව  මහ  රෝහලේ  අදාල  වාට්ටු  සහ  ඩෙංගු  ඒකකයත්,  හදිසි  ප්‍රතිකාර  සිදුකෙරෙන  වාට්ටුවත්   ඩෙංගු  රෝගීන් ගෙන්  පිරී  පවතී.   එසේම  අදදින  වනවිට  රෝගීන්  සංඛ්‍යාව  115  කි.   ජූලි  28  වනදා සිට  මේ  දක්වා වූ  මරණ  සංඛ්‍යාව  8කි.     පාතිමා  වත්ත,   අක්කර 50,  දළුපත  යන  ප්‍රදේශයන්හි  තවමත්  රෝගය  පැතිර යමින්  පවතී.