මීගමු රෝහලේ බේදවාචකයට ඇත්තටම වගකිය යුත්තේ කව්ද ?

0
130

jeyarajදේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද මීගමුව රෝහලේ අවධානම් තත්වය මීට වසර ගණනාවකට කලින් දැන සිටියද ඒ වෙනුවෙන් වගකිම් සහගත මැදිහත්විමක් සිදුකර තිබුනේ නැත.
මේ රෝහල් ගොඩනැගිල්ල ඉදිකළ සමයේම වැඩ නිමකළ ගම්පහ රෝහල් ගොඩනැගිල්ල තුලද මතුව තිබුන අවධානම් තත්වයන් ගැන අදාල බලධාරින් කඩිනමින් ක්‍රියාත්මක වු නිසා අදටත් ඒහි සේවය අවධානමකින් තොරව එහි සේවය ලබන්නට ඒ ජනයා අදටත් වාසනාවන්තයන් වි ඇත.
එහෙත් මීගමුව ගොඩනැගිල්ලේ ආයු කාලය වසර 14 කට සිමා වෙන්නට ඉඩ සැලසි ඇත්තේ මීගමුවේ දේශපාලනහා පරිපාලන අධිකාරියන් මේ ගැන  වගකිමකින් ක්‍රියානොකිරිම නිසාවෙනි.
මේ අනුව දේශපාලන පක්ෂ භේදයකින් තොරව මීගමුවේ දේශපාලනඥයන් සියල්ල මේ තත්වයට වගකිව යුතුව තිබේ.
මෙම ගොඩනැගිල්ල ඉදිකරන සමයේ මේ සමබන්ධයෙන් නිසි සොයා බැලිමක් කිරිමට එවක ඇමතිවරයෙකු වු නැසි ගිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා අපොහසත්වුණිද  යන ප්‍රශ්ණය අදටත් වලංගු එකකි.
අද සිදුවෙනවාක් මෙන් අදාල කොරියානු සමාගමට අමතරව වෙනත් අදාල සුදුසුකම් සම්පුර්ණ කර නැති  කොන්ත්‍රාත්කරුවන් හටද මේ ගොඩනැගිල්ලේ වගකිම් භාර දි තිබුණිද ? මේ සදහා ඉතා පැහැදිලි වගකිමක් එවකට ක්‍රියාත්මක වු දේශාපාලන අධිකාරිය වෙතට පැවරෙන අතර කිසිවිටකත් ඉන් පැන යාමට ඒ අයට නොහැකිය.මීගමුවට එදා ලැබුන ප්‍රතිලාභ නිසි කළමණාකරණයකට යොදා ගනිමින් ඉන් උපරිම ඵල ලබාගන්නට මීගමුවේ ජනයාට අහිමි වුයේ එදා මෙහි සිටි දේශපාලන නායකයන් නිසාය.
එහෙත් අරුමය වන්නේ එදා මෙන්ම අදටත් මීගමුව වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිලාභ වෙන්වද්දි එහි නිසි වාසිය මිගමුවේ සහ අවට ජනයාට ලබාදිමට මේ යුගයේ දේශපාලකයන්ට ඉතා පැහැදිලිව නොහැකි වි තිබේ.
එහි මෑතම නිදසුන වන්නේ මීගමුව රෝහලෙ සංවර්ධනයට යැයි කියා දුන් රු කෝටි ගණනක මුදල් නිමල් ලංසා සහ වෛද්‍ය ලක්කුමාර ඇත්ත වශයෙන් ප්‍රශස්ත ලෙස යොදාගන්නවා වෙනුවට හිතුමතේ වැය කිරිම නිසා අද වන විට මීගමුව රෝහලෙ අර්බුදය අතිශය ලෙස දරුණු වෙමින් තිබේ.

10