මීගමු වේගවත් සංවර්ධනයේ ප්‍රථිපල ඉහලට! ලක්ෂ 300ක සුපරි රේෂින් මෝටර් රථයක් නගරාධිපතිට !

0
111

namal with Dayan(7.35 pm ) මීගමුව දැන් හැම අතින් ප්‍රසිද්ධියට පත්වෙන්නට පටන් ගෙනය . මේ දිනවල නම් කුඩු වලිනි. මිගමුවෙ මෙසේ මත්කුඩු ජාවාරමේ මෙන්ම කේරල ගංජාවලද මර්මස්ථානයක් බවට පත්වෙමින් තිබියදි  ඒයට සමාන්තරවම මිගමුව බදු ගෙවන ජනයාගේ මුදල්ද වේගයෙන් වැය වෙමින් තිබේ.
ඒ පළාත් පළාන රෙගුලාසි වලට අනුවම නොවේ.
නගරාධිපතිගේ රේගුලාසිවලට අනුවය.
මේ නිසා මිගමුව මහනගර සභාවේ උගත් නිළධාරින් බරපතල අර්බුදයකට යමින් තිබේ.
රටක නීති ඇත්තේ ඒවා පිළිපදින්නටය.
එහෙත් මිගමුව පසුගිය දශකයකයටත් වැඩිකාලයක් මෙහෙයවන ලද්දේ වැල්ලවිදියේ නිතියට යටත්ව මිස පළාත් පාලන නිති වලට යටත්ව නම් නොවේ.
මේ සියළු කථා මැද තවත් කථාවකි.
එනම් ලක්ෂ 300 ක් පමණ  වන ෆෝර්ඩ් වර්ගයේ රේෂින් මෝටර්රථයක් නගරාධිපති දයාන් ලංසාගේ  පරිහරණයට පැමිණ තිබිමය.
වාර්තාවන අන්දමට මධුෂ්ගේ මිතුරා වන නිරෝෂ් ප්‍රේමරත්නට රුපියල් කෝටි ගණක බැංකු ණයක් ගැනිමට මිතුරෙකු විසින් ඉඩමක් දුන්නා යැයි කියන කථාවේ තවත් අතුරු කතාවක් මේ රේෂින් මෝටර් රථය ගැනද දැන් කියැවෙමින් තිබේ.
ඒ නගරාධිපතිවරයා තම සමිපතයන්ට කියා ඇතැයි වාර්තා වන්නේ මිතුරෙකු සිය පාවිච්චිය සදහා මේ අතිසුපිරි මෝටර් රථය ලබාදුන් බවය.
පොහොට්ටුවේ සිටින බහුතරයක් දේශපාලකයන් ඒ ආකාරයෙන් විවිධ වරදාන ලබන්නට උපන් රුසියන් සේය.
කෙසේ වෙතත් ඊයේ සිට නගර සභා භුමියට සම්ප්‍රාප්ත වු මේ රේෂින් රථයේ  තවත් වගතුග ලගදිම සමාජ ගතවිමට නියමිතය.
ඡායා- නගරාධිපති මාධ්‍ය අංශයෙනි