මීගමුව කඩොල්කැලේ ප්‍රජා පොලිස් ඒකකයේ ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල

0
259

පොලිස්පති  තුමාගේ   අදහසකට   අනුව  ක්‍රියාත්මක  වන  ගමකට  පොලීසියක් යන සංකල්පය  මත  කඩොල්  කැලේ  ප්‍රදේශයේ  ක්‍රියාත්මක  වූ   ප්‍රජා
පොලිස්  ඒකකය  දින  45කට  පසු  අදදින  එහි  වැඩ  කටයුතු  අවසන්  කිරීමේ සමාප්ති  උත්සවය  පැවැත්වින.  මෙම  උත්සවයේ  න්‍යාය  පත්‍රයට  අනුව  උදේ
9.00  සිට  සවස  5.00  පමණ  වනතෙක්  මෙම  උත්සවයට  අදාලව  ක්‍රීඩා  තරග පැවැත්වීමක්  පැවති  අතර  සවස  ඒසදහා  අදාල  තෑගි  බෙදාදීමක්  සිදුවිය.

මෙහි  සංවිධාන  කටයුතු  ප්‍රජාපොලිස්  ඒකකයේ  ස්ථානාධිපති  හේරත්  මහතා ඇතුළු  කාර්්‍ය  මණ්ඩලයත්,  ප්‍රදේශයේ  සිවිල්  ආරක්ෂක  කමිටුව,  ධීවර
සමීතිය,  ශ්‍රී  හර්දය  ත්‍රිරෝද  රථ  සමීතිය,  ඇතුළු  ගමේ  ප්‍රභූ පිරිස  විසින්  සිදුකරන  ලදී.  එමෙන්ම  මේසදහා  සහභාගීවූ  විශේෂ
අමුත්තන්  අතර  පහත  සදහන්  අය  සහභාගිවිය.

මීගමුව  අගුරුකාරමුල්ල  බෝධිරාජාරාම  විහාරාධිපති  කටියාවල  විපුලරතන  හිමි කඩොල්කැලේ   දේවස්ථානයේ  මීසම්පාලක  ගරු  ලක්ප්‍රිය  නෝනිස්  පියතුමා
මීගමුව  සිත්ති  විනයාගර්  කෝවිලේ  පූජක  ගරු  කුගරාෂ  ශර්මා  කුරුක්කල්  තුමා මීගමුව  පොලිස්  කොඨ්ඨාශය  භාර  සහකාර  පොලිස්  අධිකාරී  Y G R M  රිපාඩ්  මහතා
මීගමුව  පොලීසියේ  මූලස්ථාන  පොලිස්  පරීක්ෂක   උදයකුමාර  වුඩ්ලර්  මහතා කඩොල්කැලේ  ප්‍රජා  පොලිස්  ඒකකයේ  ස්ථානාධිපති  හේරත්  මහතා  ඇතුළු
පොලිස්  නිලධාරීන්  මීගමුව  දකුණු  ජාත්‍යන්තර  පාසැලේ  අධිපති  පෝල් පෙරේරා  මහතා  මෙහිදී  ආරාධිත  අමුත්තන්  විසින්  පොල්තෙල්  පහණ  දැල්වීම  සහ   තෑගි
බෙදාදීම  සිදුකරන  ලදී.

උත්සවය  අවසානයේ දී    කැළුම්  අනුරංග   ප්‍රමුඛ  ආරියන්ස්     සංගීත  කණ්ඩායම   විසින් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නියමිතය.

DSC_1315DSC_1310DSC_1301DSC_1300DSC_1317DSC_1301DSC_1283

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here