මීගමුව කලපුවේ හෝටලයක් හදන්න ගිය ලංසලාට වැඩ වැරදුන හැටි ?

0
131

grandiza-laggon-filling-කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය විසින් මීගමුව කලපුව දක්වා එහි ගොඩනැගිලි ඉදිකිරිමට රු මිලියන  ගණනක් වියදම් කරමින් ඉදිකරන්නට යෙදුන හෝටලයේ කොටස් කිපයක් කඩාඉවත්කර දමන්නට පසුගිය කාලය තුල සිදුව තිබුණි
මෙසේ ඉවත් කෙරුනේ මීගමුවේ කලපුවේ ඉදිකරන්නට යෙදුන දැවැන්ත කුළුන කීපයකි.
මේ හෝටලයේ හිමිකරුවන්ගේ සැලැස්ම වන්නට ඇත්තේ කලපුව මත ඉදිකළ දැවැන්ත කුළුණ මත  හෝටලයේ තවත් කොටසක් ඉදිකරන්නටය.
මේ නීතිවිරෝධි ඉදිකිරිම් ගැන දිගින් දිගට ඡායාරූපද පලකරමින් මීපුර වෙබ් අඩවිය සිදුකරන්නට යෙදුන හෙළිකිරිම් හමුවේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුන් නියෝගයන් අනුව යමින් මේ සියළු ඉදිකිරිම් මෙ වන විට කඩාඉවත්කර දමන්නට නිමල් ලංසා ඇතුළු මෙහි හිමිකරුවන් හට සිදුව තිබුණි.
කෙසේ වෙතත් ඔවුන් කල්පනා කරන්නට ඇත්තේ රාජපක්ෂ පාලනය කිසිදු පෙරළා දමන්නට නොහැකි වන බවය.
ඒ නිසාම කිසිදු බිය සැකයකින් තොරව රුපියල් මිලියන ගණනක් වැය කරමින් මේ ඉදිකිරිම් කර තිබුන බැව් පෙනේ.
grandiza 1