මීගමුව කලාපයේ අධ්‍යාපන ලොක්කන් මාරුවේ

0
186

මීගමුව අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකධූර  වල වෙනස් වීමක් සිදුවී ඇත බව වාර්තා වේ. මේ වන විට මීගමුව කොට්ටාශ අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ලෙස පතවී ඇත්තේ  ජී. ඒ.ඒ මයිකල් මහතායි. ඔහු  වසර 35ක පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරපුරුද්දක් ඇති  , අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකි . ඔහු මීට පෙර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ   අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂකවරයා ලෙස  සේවය කළේය.
මේ අතර හිටපු  මීගමුව අධ්‍යාපන කලාප අධ්‍යක්ෂකවරයා වන ශ්‍රීලාල් නෝනිස් මහතා මිනුවන්ගොඩ කලාපයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර යවා තිබේ. ඒ වෙනුවට මීගමුව අධ්‍යාපන කලාපයේ  අතිරේක අධ්‍යක්ෂක  ලෙස කටයුතු කළ  ඇන්ටනි  ප්‍රනාන්දු මහතා පත්කර ඇත.DSC04563
එම්.ඉෂෙඩ් සාජහාන්