මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්වන පක්ෂ අතර කෙහෙල් ඇවරිය ලකුණෙන් තරග වදින එ. ජා. නි. පෙරමුණේ රැස්වීමක් 3වන දින සෙනසුරාදා කුඩාපාඩුව, පෙරේරා පෙදෙසේදී පැවැත්විණි.
ප. ව. 6.30ට පමණ රැස්වීමේ කටයුතු ආරම්භ කළ අතර කපිළ මහතා ඇතුළු කථිකයින් කිහිපදෙනෙක් රැස්වීම අමතන ලදී. මෙදින සහභාගි වු අය අතර මීගමුවේ ප්රධාන සංවිධායක වන ඩෙක්ස්ටර් ප්රනාන්දු ,කපිල නන්ද සුලෝචන , සුමේධ කොළඹගේ , රමණි ප්රනාන්දු, චමිලා කොළඹගේ යන මහත්ම මහත්මීන් විය. රැස්වීමේ ප්රධාන අමුත්තා ලෙස එහි නායක මෛත්රී ගුනරත්න මහතා සහභාගී විය.