මීගමුව කොමසාරිස්ගේ නොසැලකිලිමත් රියදුරා නිසා පාරේ ගිය කාන්තාවක් අනතුරේ ?

0
89

2006-dodge-ram-2500-quad-cab-slt-pickup-4d-6-14-ft-152183-miles-white-pickup-6--8මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා විසින් සිය නිළ රථය ලෙස භාවිතා කරන් කැබ් රිය අද උදෑසන ගල්කන්ද හංදියේදි කාන්තාවක් හප්පා දමා ඇතැයි වාර්ථා වේ. අද උදෑසන 10.45 ට පමණ සිදුව ඇති මෙම අනතුර නිසා යතුරු පැදියට ආලාභ හානි සිදුව ඇති අතර තුවාල ලැබු කාන්තාව මීගමුව රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙම අනතුරු සිදුව ඇත්තේ එකි රථයේ රියදුරා නාගරික කොමසාරිස්වරයාගේ දරුවෙකු ගල්කන්ද හංදියේ තිලිණ නම් වු පුද්ගලික පංතියට ඇරලවිමට ගොස් තිබුණු අවස්ථාවේදිය.අදාල කාන්තාව යතුරුපැදියකින් යමින් සිටියදි මේ රියදුරා විසින් හප්පා ඇත.පොලිසිය විසින්ද කරුණු කියා තිබුණු පරිදි වරද කොමසාරිස් රියදුරා අතය.
මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ වාහන භාවිතය සම්බන්ධයෙන් අප විසින් මීට පෙර කරන්නට යෙදුන හෙළිදරව් කිරිම් කිපයක්ම යළිත් සනාථ වු සිද්ධියක් ලෙස අප මෙය දකිමු.
1.කොමසාරිස්වරයා සිය දරුවන්ව පාසැල් මෙන්ම පංති යැවිම සදහාද නගර සභාවේ නිළවාහන භාවිතා කරන අප කළ කියා සිටියෙමු. එය දැන් තවදුරටත් සනාථ වි තිබේ.
2.කොමසාරිස්වරයාට රිසි සේ නිළ රථ්ය පරිහරණය කිරිම සදහා කලින් සිටි රියදුරා වෙනුවට අළුත් රියදුරෙකු බදවා ගත් අතර එසේ බදවා ගනු ලැබුවේ ප්‍රමාණවත් ලෙස ඉතා පළපුරුදු තවත් රියදුරන් සිටියදිය.
අනික මේ රියදුරා අවස්ථා දෙකකදි පෙර පුහුණු පරික්ෂණ අසමත්ව සිටි අයෙකු බවද කියැවේ.
3නාගාරික කොමසාරිස්වරයා හට නිළ රථයක් තිබියදි දැන් ඔහු සිය නිළරථය ලෙසින් භාවිතා කරනු ලබන්නේ හිටපු නාගරාධිපතිවරයා විසින් භාවිතා කරන්නට යෙදුන කැබ් රථයයි.
සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ යළිත් නගරාධිපතිවරයෙකු පත්වන තුරු එකි කැබ් රථය ගාල් කර තැබිම මිස අන් අය විසින් එය කිසිදිනක මීගමුව ඉතිහාසවය තුල භාවිතා කර තිබුනේ නැත.
වාර්ථා වන අන්දමට මෙම රථය මිළට ගෙන වසර 5 ක් වන අතර ඒ අතර කාලය තුල කිසිදු අනතුරක්ද සිදුව නොමැත.
එසේ වඩාත් පරිස්සමෙන් එකි රථය පරිහරණය කළ නගාරාධිපති රියදුරා නගර සභා සේවයේ සිටියදි ඔහු ත්‍රිරෝද රථයක් එළවිමට යොදවා ඇතැයි සැලය.
4.මෙම අනතුරු නිසා කැබ් රථයටද හානි සිදුව ඇත.නගර සභාවේ නිල වාහනයක් මෙසේ රියදුරෙකුගේ නොසැලකිල්ල නිසා අනතුරකට ලක්වුයේ නම් එහිදි අනුගමනය කරනු ලබන නිළ කාර්ය පටිපාටිය මේ සිදුවිම අරඹයා ක්‍රියාත්මක වේද යන්න සැක සහිතය.
5. අනතුරෙන් පසු එහි පැමිණ ඇති කොමසාරිස් වරයා පොලිසියේද සහය ඇතිව නඩු යන්නේ නැතිය විපතට පත් පාර්ශවය හා එකගතාවයටක පැමිණ ඇත්තේ යතුරු පැදිය හදා දිමට සහ ආදාල කාන්තාවට බේත් ගැනිමට උපකාර කරනු ලබන බව කියාය.
ඉතින් මේ කාන්තාවගේ යතුරු පැදිය හදාදෙනු ලබන්නේ කාගේ මුදලින්ද ?
වාර්ථා වන අන්දමට මෙසේ අනතුරට පත් කාන්තාව හෙදියකි.ඇය මීගමුව ලයිට් මෝල හංදිය ප්‍රදේශයේ බවද කියැවේ.
( ඡායාරූපය අන්තර්ජාලයෙනි )