”මීගමුව ගසාකෑ පුද්ගලයන්ව පැහැදිලවම අපි නීතිය හමුවට ගේනවා ”

0
158

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයේ මීගමුව ආසනය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා සහ සිවිල් සමාජ ක්‍රියාකාරි අරුණ ශාන්ත නෝනිස් මහතා එක්වු මාධ්‍ය හමුවක් ,අද (19) පෙරවරුවේදී මීගමු මාධ්‍ය සමාජයේ දී පැවැත්විණි.

මෙවර මීගමුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමේ ප්‍රධාන අරමුණු කීපයක් සම්බන්ධයෙන් මෙම අපේක්ෂකයින් දෙදෙනා විසින් අවධාරණයට ලක්කරන ලදී.

මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරිම සම්බන්ධ කාරණය පිළිබදව මාධ්‍යෙව්දීන් විසින් විමසූ අවස්ථාවේදී එයට පිළිතුරු දුන් හෙන්රි රොසයිරෝ මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පිටුපස එම අවස්ථාවේදී බලයට පැමිණිමට අවශ්‍යව තිබූ කන්ඩායමක් සිටි බවය

එම අවස්තාවේදී සංචාරක කර්මාන්තය ඉතාම සීග්‍ර සංවර්ධනයක් පෙන්නුම් කරමින් සිටි අවස්ථාවක් වූ අතර ඒ සියල්ල කඩාබිදව්ටමින් කතෝලික ජනතාව විපතට පත්කරමින්, මුස්ලිම් ජනතාව සහ කතෝලික ජනතාව අතර බේදයක් ඇතිකිරීමද මෙම ප්‍රහාරයේ සඳහා සැලසුම් කළ කර තිබුන බවය.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම ජාතික ජනබලවේගයේ මැතිවරණ පොරොන්දුවක් ව තිබූ බවත් ඒ අනුව , අනුව එම අපරාධකරුවන් සෙවීමට නීතිමය පැත්තෙන් සිදුකළ හැකි උපරිම දේ සිදුකිරීමට තම රජයක් යටතේ ක්‍රියාකාරන බවත් අරුණ ශාන්ත මහතා අවධාරණය කරන ලදී.

පාස්කු ප්‍රහාරය ඇතුළු යුක්තිය ඉටුකළ යුතු අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම වෙනුවෙන් ගත් එක් පියවරක් ලෙස අපරාධ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන ශානි අබේසේකර මහතාව නැවත සේවයේ පිහිටුවා ඇති බවත් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

මෙහිදී කඩාවැටී ඇති මිගමුව නගරයේ මහජන සෞඛ්‍ය , කඩොලාන පරිසරය , ධීවර ක්ෂේත්‍රය, මත්දව්‍ය උවදුර වැනි ප්‍රධාන ප්‍රශ්න වලට ජාතික වැඩපිලිවෙලක් හරහා විසදුම් සෙවීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන බව මෙම දෙපළ අවධාරණය කරන ලදී.
මෙම මාධ්‍ය හමුව මීගමුව මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලදී.

මිගමුවේ ගසා කෑ පුද්ගලයන්ව ඉතා පැහැදිලි ලෙස නීතිය හමුවට ගෙන එන බවද කියා සිටියේය.