මීගමුව ගිනි නිවන අංශයේ ඩීසල් වංචාවක් ගැන විගණන පරික්ෂණ ?

0
157

 

මීගමුව ගිනි නිවන ඒකකයද දුෂිත පාලනයක් සහිත එකක් බවට අප අවස්ථා ගණනාවකදිම හෙළි කළෙමු. දේශපාලකයන්ගේ ඔ්නෑ ඒපා කම් වෙනුවෙන් නිති නමන ගිනි ඒකකයේ ප්‍රධානින් ආයතනය තුල මත්පැන් සාද පවත්වන තරමට දුෂිත වි ඇත.
අරුමය වන්නේ මේ සියල්ල ගැන වගකිමක් ගත යුතු නිළයක් දරණ තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය පවා රාජ්‍ය ආයතනයක් තුල මත්පැන් සාද වලට එක්ව තිබිමය.

මෙවන් ආරාජික පාලනයක් තුල ඩීසල් ලිටර් 200 ක් අතුරුදන් විම අරුමයක් නොවේ .
කෙසේ වෙතත් මේ වන විට මිගමු මහනගර සභාවේ අභ්‍යන්තර විගණන අංශය විසින් ආරම්භ කර ඇති පරික්ෂණ වලදි මෙසේ ඩීසල් ලිටර් 200 අස්ථාන ගතව ඇතැයි හෙළිවි තිබේ.

ගිනි ඒකකයේ ලොක්කන් දැන් කියන්නට යන්නේ ආයතන තුල මත්පැන් සාදයක් පැවැත්වු ඔක්තෝබර් 28 වෙනිදා මෙම ඩීසල් නැතිවෙන්නට ඇතැයි කියාය.