මීගමුව ජනයාගේ දේපල කොල්ල කෑ T.O රන්මුතු දායන් එක්ක ඩුබායි සවාරියක.

0
94

aquarium-in-dubaiමීගමුවේ මහජන දේපල ඇමති ලංසාගේ හිතවතුන් හට දෙන්නට පිඹුරු පත් සැකසු ප්‍රධානියෙකු වන මීගමුව මහනගර සභාවේ සේවය කරන තාක්ෂණ නිළධාරි රන්මුතු නැමැත්තා පසුගිය කාලය තුල ගතකළේ සුපිරි පන්නයේ ජිවිතයකි.
ඔහුගේ නිලයේ ඇතැම් නිළධාරින් විවිධ අමාරුකම් මැද දිවි ගෙවද්දි ඔහුට පමණක් මේ සුපිරි දිවිය ලැබෙන්නේ ඔහුගේ හාම්පුතාගෙනි.
රන්මුතු එකල පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකධුරයක්ද දැරිය.ඒ වෙනුවෙන් ඔහු සුපිරි වාහනයක්ද ලැබි තිබුණි.
දැන් ඔහු සමුපකාරට හේත්තුවි සිටින්නේද සිය හාම්පුතා මගනි.
හාම්පුතාගේ අනුග්‍රහ යටතේ සමුපාකාරය ගැන මළබෝලයක් නොදන්නා රන්මුතු සහ ඇමති නිමල් ලංසාගේ මල්ලි වන දායන් ලංසා මේ දිනවල සිටින්නේ ඩුබායි වලය.
ඒ බස්නාහිර පාලාතේ සමුපාකාර කටයුතු දියණු කරන්නටලු.