මීගමුව දකින්නට අලුත් ඇසක් ලබන පුරවැසිමාධ්‍යකරුවා

0
97

KONICA MINOLTA DIGITAL CAMERAඅධිපති මාධ්‍ය භාවිතාවේ සිමාවන් අතික්‍රමණය කරමින් නව මාධ්‍ය සම්ප්‍රදායක් මේ සමාජය තුල ලකුණු වෙමින් තිබේ.
එය ඇත්තටම යථාව දකින්නට අලුත් ඇසකි.
තවත් අය හා බෙදා ගතයුතුයැයි ඔහු හෝ ඇය සිතන දේ ගැන තවත් දේවල් නොසිතා ඔවුහු මාධ්‍යකරණයේ නියැලෙති.
එහෙත් ප්‍රධාන ධාරාවට පුවත් සපයන ප්‍රාදේශිය මාධ්‍ය කරුවා මුලින්ම කල්පනා කරන්නේ තමන් විසින් ගනු ලබන ජායාරූපය හෝ ඒ විස්තරය තමන්  නියෝජනය කරන මාධ්‍ය විසින් පළ කරාවිද යන්නයි.ඒ වෙනුවෙන් දරන්නට වන මහන්සිය සහ වියදම ගැන දෙපාරක් සිතන්නට මේ නිසා සිදුවේ.
එහෙත් පුරවැසි මාධ්‍යකරුවාට මේ ප්‍රශ්ණ නැත.
ඔහු හෙට දවසේ මතුකල යුතු කරුණු වෙනුවෙන් අද මාධ්‍යකරණයේ නියැලෙයි.
අපගේ වෙබ් අඩවියේ පුරවැසි පිටුවේ වැඩියෙන්ම පුවත් පළකරනු ලබන සුජායිල් මුනියර් යනු සිය සංවේදි ඇස භාවිතා කරමින් මීගමුවේදි රැකගත යුතු දැ ගැන මහජන සංවාදයකට මුල පුරන හා ඒ වෙනුවනේ කදිම පින්තූරු මීපුර හරහා ලෝකයටම  බෙදා හරින්නෙකි.
සංස්කෘතිය සංසරක්ෂණය කිරිම ගැන කිසිදු ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නැති දේශපාලකයන් හා තවත් අය නොදකින ඉතා වැදගත් දැ ප්‍රමාණයක් යළිත් සමාජ ගත කරන්නටත් ඒ මත පදනම්ව කිසියම් සංවාදයක් සදහා වන  මැදිහත්විමක් තුල  ඔහු  මාධ්‍යකරණයේ  නියැලි සිටි
.1917 ඉදිකර ඇති මේ පැරණි මාළු වෙළද සැල කඩිනමින් පිළිසකර කළ යුතැයියි හේ ලිවේය.ඒ පසුගිය සැප්තැම්බර් මාසයේදිය.
දැන් පාලකයන් ඒ ගැන අවධානය යොමුකර ඇති සෙයකි.
පහත පළවන්නේ මුනියර්ගේ එක් අවධාරණයකි.fish market 2