මීගමුව දෙමළ මාධ්‍ය ගුරු මාරු පිළිවෙත අවුල් ?

0
80

147895008390-L scමීගමුව අධ්‍යාපන කලාපයේ 2017 ගුරු මාරුවීම් සම්බන්ධයෙන්  දැනුම් දීමේ  ලිපි දෙසැම්බර් පාසල් වාරයට නිවාඩු දෙන දිනය උදාවන විට පාසල් වලට ලැබී තිබිනි.  මෙවර මීගමුව කලාපයේ  දෙමළ මාධ්‍යෙය් ගුරු මාරුවීම්  සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති බව වාර්තා වන අතර මීගමුව විජරත්නම් පාසලේ සහ තෝප්පුව රෝමානු කතෝලික දමිළ විද්‍යාල වල කිසිදු  ගුරු මාරුවීමක් සිදුවී නොමැති බව මීගමුව   අධ්‍යාපන ක්ෂේත්‍රෙයෙන් තොරතුරු වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රධාන අඩුපාඩුව වන්නේ  වසර 10 -15 ත් අතර කාලයක් පුරා සමහර පාසල් වල දමිළ මාධ්‍යෙයන් උගන්වන ගුරුවරු ගුරුවරියන්  මාරුවීම් නොලැබ සිටීමත්මෙ මෙන්ම මෙමගින්  දස මාරුවීම් ක්‍රියාපටිපාටිය අනෙක් පළාත් වල සාර්ථකව සිදුව විට මීග මුව තුළ එය අසාර්ථක වී තිබීමයි.
2017 වසර සදහා මීගමුව  අධ්‍යාපන කලාපය තුළ දෙමළ මාධ්‍ය ගුරු මාරුවීම් තුළ වසර 25ක් තිස්සේ මාරුවීම් නොලබා තමන්ගේ මුල් පත්වීමේ සිට  වසර 25ක් පුරා එකම පාසලේ සිටින ගුරුවරුන්ද සිටින බව වාර්තා වේ.
මෙවර ගුරු මාරුවීම් සිදුකර ඇති අකාරය විමර්ශනය කරන විට විදුහල්පතිවරුන්ගේ  නිර්දේශ පවා සැලකිල්ලට ගෙන නොමැති බවත් මෙම තත්ත්වයට වගකිවයුතු ගුරු මාරු මණ්ඩලය තුළද යම් ගැටළුකාරී තත්ත්වය උදාවී ඇති බවට ද වාර්තා වේ.
පෙර වසර වලදී  ගුරු මාරු මණ්ඩලය නියෝජනය කළ මීගමුව කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා  මාරු මණ්ඩලයෙරන් ඉවත්ව ඇති බවද වාර්තා වේ.  මේ හේතුවද මෙවර මාරුවිම් වලදී සිදුවී ඇති  ඇති අඩුපාඩු වලට බලපා ඇතැයි අධ්‍යාපන නිලධාරීන් පවසති.