මීගමුව දේශපාලන බලඅරගලයේ වැඩි වාසිය සරත් පිළට මාරුවෙන ලකුණු !

0
165

srath 1ව්‍යවස්ථාණුකූල අර්බුදයක් රටතුල නිර්මාණය කරමින් මතුව තිබෙන දේශපාලන අර්බුදය මේ මොහොතේ නතර වි ඇත්තේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ අගමැතිබවට පත්කරවමිනි. ඒ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති තත්වයක් යටතේය.
එබැවින් එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති සිරිසේන වෙත අභියෝග කර සිටියේ පාර්ලිමේන්තුව කැදවා බහුතරයේ බලය ඉක්මනින් පෙන්වන ලෙසය.
අද අරලිය ගහමන්දිරයේදි පැවැති පුවත්පත් සාකච්ජාවේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයන් තමන් හා එකට සිටින බවය.
කෙසේ වෙතත් මිගමුව තුල පසුගිය කාලය තුල ලංසා පාර්ශවය සහ සරත් පාර්ශවය අතර වර්ධනය වෙමින් පැවැති ශිතල යුධ තත්වය තවත් තවත් අලුත් අදියරකට මාරු වෙමින් තිබේ.
ශ්‍රිලනිපයේ ජේෂ්ඨයෙකු ලෙස සරත් ගුණරත්නට වැඩි සමිපතාවයක් මහින්ද රාජපක්ෂ හා තිබේ.මේ නිසාම මහින්ද රාජපක්ෂ හා කිට්ටු සබඳතාවයක් ගොඩනැගිමට ඇති වැඩි ඉඩකඩ පවතින්නේ සරතු ගුණරත්න සමගින්ය.
මේ පසුබිම විසින් මිගමුවේ දේශපාලන බලඅරගලයට දැන් නව මානයක් එක් කර තිබේ.sarath 2