මීගමුව නගරයටත් කොරෝනා අවදානම පැතිරේ..?

0
175

මීගමුව නගරය කරාද කොරෝනා අවදානම යළිත් වරක් පැතිර යන්නට පටන් ගෙනය.
පසුගිය කාලය තුල මිගමුව සුහද සේවා ආයතනයෙන් එකවර විශාල රෝගින් සංඛ්‍යාවක් හමුවිමත් සමගින් ඇරඹි නගරයේ අවදානම මේ වන විට සුපිරි වෙළද සැලක් හා ප්‍රකට පොත් අලෙවි හලක් කරාද පැතිර ගොස් තිබේ.

ඒ අද දිනයේ සිදුකරන්නට යෙදුන පරික්ෂණ වලදි පැෂන් බග් ආයතනය අසල( main street ) පිහිටි කාර්ගිල්ස් සුපිරි වෙළද සැලෙන් ආසාදිතයන් 4 දෙනෙකු සහ මිගමු නගර මධ්‍යයේ පිහිටි ගුණසේන පොත් හලෙන්ද ආසාදිතයන් 4 දෙනෙකු හමුව තිබිමත් සමගින්ය.



මේ අනුව වහාම ක්‍රියාත්මක ඇති සෞඛ්‍ය අංශ මේ වන විට මෙම ආයතන 2 කම වසා දමා තිබේ.
මේ අතර මිගමුව සමුපාකාර ලෙල්ලම තුලද යම් අවදානම් තත්වය මතුව ඇත්තේ ඊයේ දිනයේ කරන්නට යෙදුන ඇන්ටිජන් පරික්ෂණ වලින් ආසාදිත සේවකයන් 4 දෙනෙකු හදුනාගෙන තිබිමත් සමගින්ය.එහෙත් ලෙල්ලම තවදුරටත් ක්‍රියාත්මකව පවතින බවද වාර්තා වේ
මේ වන විට මිගමුවෙන් වාර්තා වි ඇති මුලු රෝගින් ගණන 592කි