මීගමුව නගරයේ මීළඟ අර්බුදය ”අසුචී”

0
138

අසුචි 136

මළඅපවහන දියහොද ඇල දිගේ කලපුවට
මළඅපවහන දියහොද ඇල දිගේ කලපුවට

මීගමුවට අවුරුදු ලැබුවේ නගරයම කුණු ගද ගස්සවමිනි.මෛත්‍රි යුගයක් හරහා යහපාලනයක අරුණළු මීගමුවට වැටෙන්නට පමා වුයේ නගරයේ හැම පාරකම අයිනේ පිරියමින් තිබුණ ගද ගහන කුණු ගොඩගැහෙමින් තිබුණ නිසාය.
සති කිපයක් පුරා ඇදි ගිය කුණු අර්බුදය යනු සැලැස්මක් නැති පාලකයන්ගේ අදුරදර්ශි බව නිසා මීගමුවට වැදුන හෙණයක් බදුවිය.
වාර්තා වන අන්දමට මීගමුවේ මීළ ඟට පුපුරා යාමට නියමිත අර්බුදය වි ඇත්තේ මුළු නගරයේම අසුචි බැහැර කිරිම පිලිබදව මතුවෙමින් ඇති තත්වයයි.
මීගමුවේ කුරණ ප්‍රදේශයේ පිහිටි මළඅපවහන පද්ධතිය අක්‍රිය විමෙන් පසු කිසිදු පාලකයෙකු එය නිසි ලෙසින් පිළිසකර කරන්නට කටයුතු කළේ නැත.
ඒ වෙනුවට කලේ වගේ වගක් නැතිව සියලු මළඅපවහන හොර රහසේ මීගමුවට කලපුවට මුදාහැරිමයි.
මාධ්‍ය මගින් හෙළිකිරිමෙන් පසු එයද නවතා දමන්නට සිදුවු අතර අනතුරුව ඔවුන් බලා සිටි එකම තුරුම්පුව වුයේ නවලෝක රෝහලේ සියළු අපද්‍රව්‍ය වසර 10 ක් කාලයක් සදහා නොමිලේ බැහැර කිරිිිමට ඉඩ දිමෙ පොරොන්දුවක් මත ඒ අය ලවා කුරණ පිහිටි මළඅපවහන පද්ධතිය පිළිසකර කරගැනිමයි.
දැන් එයද අතරමග ඇනහිට ඇති තත්වයකි.
පසුව මසකට රුලක්ෂ 15 ක් වැය කරමින් ජාඇල ප්‍රදේශය ගෙනගොස් බැහැර කිරිමයි.
දැන් එයද අර්බුදයට යමින් ඇත්තේ නගර සභාව සතු ගලි එකින් එක කැඩියාමට පටන් ගැනිමත් සමගය.
මේ නිසා නිවැසියන් විසින් තමන්ගේ නිවෙස්වල මළඅපවහන ඉවත් කරගැනිම සදහා නගර සභාවට මුදල් බැද මාසයක් පමණ කාලයක් බලාසිටින්නට සිදුවන තත්වයක් උදාවි ඇත.
මේ එන පොට එතරම් හොද නැති බව තේරුම් ගන්නට විදග්ධ දැනුමක් අවැසි නොවේ
හැබැයි නගරය කුණූ ගද නිසා අර්බුදයට ගිය ප්‍රමාණයට වඩා සියදහස් ගුණයකට වැඩියෙන් අසුචි ප්‍රශ්ණය අර්බුදයක් වන්නේමය.