මීගමුව නගරාධිපති අැන්ටනි ජයවීර දැන් මහින්ද පිළේද ?

0
49

jayaweera 1මීගමුව නගරාධිපතිවරයාගෙන් පසුගිය දිනක අප ඔහු සිටින්නේ කොයි පැත්තේදැයි විමසා සිටි අවස්ථාවේ ඔහු කිවේ මැයි 01 වෙනිදා තමන් සිටින්නේ ජේසු මුනිතුමන්ගේ පැත්තේ බවය.
ඒ බව ඔහු විසින් ඊයේ පැවැති මහසභා රැස්විමේදිද නැවත වරක් අවධාරණය කර තිබුණි.
එහෙත් ඔහු විසින් ඊයේ දිනයේ සභාවට ඉදිරිපත් කරන්නට යෙදුන විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් අවසරයකින් තොරව හමුදා කදවුරකට ඇතුලවිම එරෙහිව පියවර ගන්න යැයි කළ යෝජ්නාවත් එහි දි ඔහු කරන්නට යෙදුන ප්‍රකාශයන් පිළිබදවත් එජාප මන්ත්‍රින් විසින් කියන්නට යෙදුනේ නගරාධිපතිවරයා විසින් මේ කර ඇති යෝජනාව එකාබද්ධ විපක්ෂයේ එකක් බවය.
එමෙන්ම වැඩිදුරටත් එජාප මන්ත්‍රිවරුන් කියා සිටියේ මිට පෙර දිනක මෙවැනිම යෝජනාවක් බස්නාහිර පළාත් සභාවටද ඉදිරිපත් කර තිබුන බවය.
කෙසේ වෙතත් ඇන්ටනි ජයවිරට එරහෙිව මේ කරන ලද චෝදනාව කිසියම් දුරට ඇත්තක විය හැකිව ඇත්තේ ඔහු සහ දායන් ලංසා අතර මේ මෑතක සිටි ඇතිව තිබෙන හාද  කම නිසාවිය හැකියැයිද  නම සදහන් කිරිමට අකමැති මන්ත්‍රිවරයෙකු මීපුරට කියා සිටියේය.
අප විසින් මීට පෙර සදහන් කරන්නට යෙදුනේ මීගමුව නගර සභා භුමියේ අභිනවයෙන් ඉදිකරන්නට යන නව පුස්තකාල ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්තුව විසින්  මේ දෙදෙනාව දැන් අ අඹ යහලුවන් බවට පත්කර ඇති බවය.